එසේම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජපාන කනගාවා උසස් පාසල් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගවලදී විනසුරුවරයන් දුරකථන භාවිතා කිරීම පිළිබදව ජපන් නිලධාරීන්ගේ විරෝධය එල්ල වී ඇති බවත් එක් අවස්ථාවකදී විනිසුරුවරයෙකුගේ එම අවිනීත ක්‍රීයාවට එරෙහිව තරගය තාවකාලිකව නවතා ඇති බවත් තමන්ට දැන ගන්නට ලැබුණු බවටත් ලැබුණු තොරතොරු සම්බන්ධයෙන් අදාළ විනිසුරු කටයුතු වල ප්‍රධානියා ලෙස කටයුතු කළ සුජීව විජේනායකගෙන් ලිඛිතව තොරතොරු ඉල්ලා ඇති බවත් පැවසූ අතර එම තොරතොරු මත එම විනිසුරුවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන බවත් පැවසීය.
ජපානයෙන් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් පවත්වා ගෙන යාම පිළිබදව මෙන්ම විනයගරුක ලෙස ක්‍රීඩා කිරීමේ සහ වෙනත් ක්‍රියාවන් හී නිරතවීම පිළිබදවත් පාඩම් උගත යුතු බව පැහැදිළි කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩා අමාත්‍යතුමා ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන බව පෙන්වා දුන් අතර එවැනි අයට වරප්‍රසාද ලබා නොදීම මෙන්ම එවැන්නන්ට වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන්නන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවනු ඇතැයි ද පෙන්වා දුන්නාය.
මේ බව සුජීව විජේනායකගෙන් කළ කරුණු විමසීමකදි ඔහු විනිසුරුවරයන් ක්‍රීඩාවට අනුචිත ආකාරයට දුරකතන භාවිතා කළ බව පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ඉල්ලීම පිට ඇයට ලිඛිතව දැණුම් දීමට කටයුතු කරන බව පැවසීය.එසේම ජපානයෙන් පැමිණි කෝජියසො වැනි ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු කේෂ්ත්‍රයේ දැවැන්තයන්ගේ අවධානය යොමු වූ බව සහ අප්‍රසාදය පළ වූ බව පවසන සුජීව ඔවුන් ද මේ පිළිබදව තමන්ගෙන් ලිඛිතව ඒ පිළිබදව තොරතොරු බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.විශේෂයෙන්ම ජපන් ක්‍රීඩකයන්ද එවැනි ක්‍රියා සිදුවීම පිළිබදව කණස්සල්ලෙන් කතා කළ බව පෙන්වා දෙන සුජීව විශාල මුදලක් වැය කර ක්‍රීඩාංගණයක් තනමින් ජපානය මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන අවස්ථාවක මෙවැනි ක්‍රියාවන් ඔවුන් ඉදිරියේදීම සිදු කිරීම රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට විශාල පහරක් බවත් ස
www.supirikrida.com
No comments:
Post a Comment