මෙම සම්මාන ප්‍රදානයේදී බෝල්ට් සදහා එම සම්මානය හිමි වීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දෙවතාවකදී මීටර් 100 සහ 200 ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් සහ දෙවතාවකදීම මීටර් 100 සහය දිවීමේ ජයග්‍රහණය ලබා ගැනීමට දායක වීමත් විශේෂ සැළකිල්ලකට ලක් කර ඇත.මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී බෝල්ට් මීටර් 100 ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් තැබීමට සමත් වූ අතර මීටර් 100 සහය දිවීමේ තරගයේදි නව ලෝක වාර්තාවකට දායක වන්නට සමත් විය.
පිරිමි අංශයේදී බෝල්ට් හා මෙම සම්මානය පිළිබදව සළකා බැලීමේදී දෙවන ස්ථානය හිමි වී ඇත්තේ මයිකල් පෙල්ප්ස් ට ය.පිහිණුම් ක්‍රීඩාවෙන් ඔහු විසින් පෙන්වන විස්මිත හැකියාවන් ඒ සදහා සැළකිල්ලට ගෙන ඇත.තෙවැන්නා වී ඇත්තේ ටෙනිස් සූර නොවැක් ඩිජොක්වික් ය.
සෙරීනා හා තරග වැද දෙවන ස්ථානයට පත් පිහිණුම් සූරී මිසී ෆ්‍රෑන්ක්ලීන් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.එහදී තෙවැන්නිය ලෙස තේරී පත් වූයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකා ලින්ඩ්සේ වොන් ය.
www.supirikrida.com
No comments:
Post a Comment