තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයකදී බෝරා ක්‍රීඩා සමාජය පරදවා කඩුලු 7 ක පහසු ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බෝරා ක්‍රීඩා සමාජය ලකුණු 120 ට සීමා කරන්නට නීතිඥ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එහිදී බෝරා ක්‍රීඩා සමාජයට නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මැඩ ලකුණු අතරට ඒමට ගත් උත්සාහයේදී බෝරා ක්‍රීඩා සමාජයේ එම් හුසෙයින් ලකුණු 39 ක් ද,එම් තාහිර් ලකුණු 25 ක් ද ලබා ගන්නට සමත් විය.
නීතිඥ කණ්ඩායම වෙනුවෙන් පිට දග පන්දු යවන තරංග අබේකෝන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු17 ට කඩුලු 4 ක් දවා ගත් අතර යොහාන් ජිනසේන ලකුණු 19 ට කඩුලු 2 ක් සහ ගිහාන් කුලරත්න ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අදාළ ඉලක්කයට සමීප වීමට පන්දු ඕවර් 19.3 ක් පමණක් වැය වූ අතර එහිදී ජයග්‍රහණය ඉක්මන් කරන ප්‍රහාරාත්මක සහ ප්‍රදර්ශනාත්මක ඉණිමක් දියත් කළ නීතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 71 ක් ලැබීය.හතරේ පහර 7 ක් සහ හයේ පහර තුනක් සහිතව වාර්තා වු අසේලගේ ඉණිමට අමතරව බුවනෙක බස්නායක ලකුණු 18 ක් ලැබීය.
එළැඹෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවත්වෙන නීතිඥ ලෝක කුසලාන තරගාවලිය සදහා පුහුණු වෙමින් සිටින නීතිඥ කණ්ඩායම මෙම තරග වාරයේ දක්වන දක්ෂතා අනුව මේ දක්වා අහිමිව තිබූ ලෝක කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි මට්ටමක සිටින අතර මෙවර නීතිඥ කණ්ඩායම ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙක් මෙන්ම ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකුද වන,ජාතික ක්‍රීඩා ජනමාධ්‍ය පදනමේ සභාපති රන්ජන් පරණවිතාන යටතේපුහුණුව ලබයි.
www.supirikrida.com