නමුත් ලකුණු 117 වන විට ශ්‍රී ලංකාව තරගයට ප්‍රවේශ වෙමින් කඩුලු 3 ක් දවා ගත්තද ඉන් අනතුරුව පිටියට එකතු වූ මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් දෙදෙන දෙවන දින දිවා භෝජනය වන විට ඕසට්‍රේලියානු ලකුණු පූවරුව ලකුණු 238 දක්වා රැගෙන ආවේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් දවා ගැනිමට තිබූ අවස්ථා දෙකක් මග හැරීමේ ආශිර්වාදය ද සමගය.සංගක්කාර සහ මහේල අතින් ගිලිහී ගිය එම අවස්තා දෙකේ වාසිය මැනවින් යොදා ගත් ක්ලාක් (56*) සහ වොට්සන් (60*) නොදැවී අර්ධ ශතක ලබා ගැනිමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට තවත් පීඩනයක් එල්ල කරමින් චානක වෙළගෙදරගේ සේවය ද අහිමි වී ගියේ ඔහු ව ආබාධයකට ලක් කරමින්ය.
මයිකල් ක්ලාක්, රිකී පොන්ටින් වසරක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණය වන 1544 තරග 15 දී ඉණිම 28 දී වාර්තා කර තිබුණු අතර ක්ලාක් මේ වසරේ තමා මුහුණ දෙන 11 වන තරගයේ 18 වන ඉණිමේ දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමේ භාග්‍යය උදා කර ගත්තේ මේ වසරේ ඔහුගේ ටෙස්ට් ඉණිමක සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 100 ට ඉහළින් තබා ගනිමින්ය.
ශ්‍රී ලංකාව ට ජය ගැනීමට අසීරු තරගයක් මෙන්ම පරාජය නොවී සිටීමට අසීරු තරගයක් බවට පෙරළෙමින් තිබෙන මෙම තරගයේදී අමතර පීඩනයක් එල්ල වෙමින් චානක වෙළගෙදර සහ ප්‍රසන්න ජයවර්ධන ආබාධ වලට ලක් වී තිබීම නිසා දෙවන ඉණිමේදී බොහෝ විට කඩුලු 8 ක් අතැතිව පන්දුවට පහර දීමට විය හැකි තත්ත්වයට පත් වී ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573012.html
www.supirikrida.com
No comments:
Post a Comment