දඹුල්ලට අයිසීසිය කැමති නෑ-හම්බන්තොට ඉක්මණින් ලෑස්ති කරන්න බෑ
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග අවලංගු කිරීමට බල පෑ හේතුව පැහැදිළි කළ රජිත් පැවසුවේ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසළ ඇති ඇල පිරී එම නිවෙස් වලට ද වතුර දමා ඇති බවත් ක්‍රීඩාංගණයේ වතුර බැසීම සිදුවන්නේ මෙම ඇල හරහා බැවින් එම කාර්යය නිවැරදිව සිදු නොවන බවත්ය.ඒ නිසා ක්‍රීඩාංගණයේ හතරේ සිමාව ආසන්න ප්‍රදේශය දැඩි තෙත් බවක් ගන්නා බවත් මේ හේතුව නිසා තරගය පල්ලෙකැලේට රැගෙන යාමට තීරණය කළ බවත්ය.
ශ්‍රී ලංකාවේ දිවා රාත්‍රි තරග පැවත්වීමට සුදුසු පරිදි ඉදි කළ ක්‍රීඩාංගණ හතරෙන් වර්සාවේ අවදානම වැඩිම ක්‍රීඩාංගණය පල්ලේකැලේ ක්‍රීඩාංගණය ව තිබියදී දඹුල්ල හෝ හම්බන්තොට ක්‍රීඩාංගන සූදානම් නොකර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරා ගැනිම පිලිබදව අප විසින් කළ විමසීමේදී රජිත් පවසා සිටියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැහීමකට පත් නොවන බවයි.එම ආලෝක පද්ධතිය යටතේ තරග පැවත්වීමට අයිසීසී ය විරෝධය දක්වා ඇති බවද රජිත් වැඩි දුරටත් පැහැදිළි කළේය.
නමුත් 2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර අයසීසී ය දන්වා තිබුණේ එම ආලෝක පද්ධතියේ ආලෝකය පිටිය මැද පැමිණිමේදී ප්‍රමාණාත්මක නොවන බැවින් එය නිවැරදි කර ගන්නා ලෙසය.නමුත්
20 / 20 ලෝක කුසලානය වන විටවත් එය නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ නොකිරීම පැහැදිළි කරන්නේ සිය වගකීම පැහැර හැරීමය.නැතිනම් විශාල මුදලක් වැය කර තැනූ සහ වැඩිම දිවා රාත්‍රි එක්දින තරග ප්‍රමාණයක් පැවත් වූ දඹුල්ල ක්‍රීඩාංගණය පවතින පරිපාලනය හා විරුද්ධ මතයක් දරණ පිරිසක් විසින් ඉදි කිරීම නිසා එම ක්‍රීඩාංගණය නොසළකා හැර ඇති බවට සැක කිරිමද අසාධාරණ නැත.
හම්බන්තොට ක්‍රීඩාංගණයට තරග රැගෙන යාමට නොහැකි හේතුව පැහැදිළි කළ රජිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ එම ක්‍රීඩාංගණයේ තණතීරුව සූදානම් කිරිමට කාලයක් නොමැති බවය.ඒ සියළු තත්ත්වයන් සළකා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට තරගය රැගෙන යාමට එහි ජලය බැස යාමේ පද්ධතිය ඉතා හොදින් ක්‍රියාත්මක වීම ද සැළකිල්ලට ගත් බව ඔහු පවසන්නේය.නමුත් වර්ෂාවේ වැඩිම අවදානම ඇති ප්‍රදේශය තෝරා ගැනීමට සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී වගකීමක් නොමැති හැසිරීම හේතුවෙන් දඹුල්ල වැනි වර්ෂාවේ බලපෑම අඩු ක්‍රීඩාංගණයක් නොතකා හැරීම බව ද පිළිගත යුතු බව අපේ විශ්වාසයයි.
කෙසේ හෝ මෙම සටහන තැබෙන විටත් පල්ලේකැලේ ක්‍රීඩාංගණය ඉහළින් කළු වළා මුදුන්ව තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්ත වන අතර කාලගුණ වාර්තාවලින් පැහැදිළි වන්නේ අන්තර් මෝසම සක්‍රීය වෙමින් පවතින බවය.
www.supirikrida.com