රටවල් 31 ක සහභාගීත්වය ඇතිව පැවත්වීමට නියමිත 15 වන ආසියානු
මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන රටවල් අතරින් පළමුවෙන්ම දිවයිනට පැමිණෙන කණ්ඩායම ලෙස නව දෙනෙකුගෙන් යුත් යේමන් මලල ක්‍රීඩා කණ්ඩායම අද කොටස් දෙකකට කටාර්
එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානා වලින් දිවයිනට ළගා වීමට නියමිතව තිබිණ.
Jun 2, 2012
MEET එක බලන්න FREE TICKET -යේමනය එකට එයි
නිලූක විදේශ ගතවේ
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක, මේ වන විට ඔලිම්පික්
පරිසාධනයට පිවිස සිටින නිලූක කරුණාරත්න අද, වැඩිදුර පුහුණුව සදහා පෝලන්තය බලා පිටත් ව යන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ජගත් ශ්‍රේණිගත කිරීම් වල පැමිණි ඉහළම ස්ථානය කරා
පැමිණ සිටින නිලූක පෝලන්තයේදී කොරියානු පුහුණුකරුවෙකු යටතේ වැඩිදුර පුහුණුව ලැබීමට
නියමිතය.
තිසර පරාජයෙන් ජය වෙන්කර දෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පකිස්තාන කණ්ඩායමේ ප්‍රථම
තරගය වූ 20/20 තරගයේ දී තිසර පෙරේරා ශ්‍රී
ලංකා ඉණිමේ අග භාගයේ පෑ විශිෂ්ඨ පිති හරඹයත් උමාර් අක්මාල් දවා ගන්නට රැක ගත්
විස්මිත උඩ පන්දුවත් නිසා ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක් කරා යන්නට හැකිවිය.කාසියේ
වාසිය ලැබූ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නමුත් ඒ තීරණය
ඒ තරම් යහපත් එකක් නොවන බවට ඉගි පළ කරමින් ලකුණු 39 ක් වෙද්දී කඩුලු 4 ක් අහිමි වී
තිබිණි.
පකිස්තානු ඉණිමේ ආරම්භක පිතිකරු අහමඩ් ෂෙසාද් පමණක් අටවන
කඩුල්ල තෙක්ම සිය කඩුල්ල රැක ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක් දියත් කළ ද චකිතයකින් තොරව
ශ්‍රී ලංකාවට මුහුණ දුන් පිතිකරුවෙක් ලෙස හැසිරෙනු දකින්නට ලැබුණේ උමාර් අක්මාල්
ගෙන් පමණි.ඔහු ලකුණු 12 ක් ලබා ගනිමින් සිය ජව සම්පන්න ප්‍රහාරයන් සදහා අත්තිවරාම
දමමින් සිටිය දී තිසර පෙරේරා රැක ගත් අර්ධ උඩ පන්දුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය
සම්පූර්ණ කිරීම සදහා වැටී තිබූ අත්තිවාරම ශක්තිමත් කළේය.
පිළිවෙලින් කුලසේකර,මාලිංග,සහ සේනානායක ලකුණු 13/ 2,12/
2 සහ 20/ 2 ලෙස කඩුලු ලබා ගනිමින් පකිස්තානු පිතිකරු බල ඇණියේ ශක්තිය මොට කරන්නට
පෙරමුණ ගත් අතර වඩාත් ලැපී පෙණුනු පන්දු යවන්නා වූ ඇන්ජලෝ මැතිවිස් සිය පන්දු ඕවර්
4 ලකුණු 8 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම
පන්දු යවන්නා බවට පත් විය.පහත දැක්වෙන්නේ තරගයේ සමස්ථ ලකුණු විස්තරය යි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562437.html
Jun 1, 2012
ක්‍රීඩක නවාතැන විවෘත වේ
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට සහ නිලධාරීන් 20
දෙනෙකුට නවාතැන් පහසුකම් ඇති මෙම නේවාසිකාගාරය විවෘත වීමේ මොහොතේ සිටම එහි ප්‍රථිපල
භුක්ති විදීමේ භාග්‍යය කණිෂ්ඨ ආසියාතික මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
හිමි වීම කැපී පෙණුනා
වැඩමුළුවට පැසසුම්
ජාතික සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්
සංනිවේදන කුසලතා සහ මහජන සම්බන්ධතා වර්ධනය පිණිස,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ
පැවති එක්දින වැඩ මුළුව, ඒ සදහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොමද පැසසුමට
භාජනය විය.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇරඹි මෙම ගමන
සාර්ථක කර ගනු පිණිස දිය හැකි සෑම සහයෝගයක්ම ලබ දෙන බවය.ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන
ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම වැඩ මුළුව සාර්ථක කර ගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍යංශය,රජයේ
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ
පදනම සමග අත්වැල් බැදගත්හ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්‍ය ආරියරත්න ඇතුගලයන්
මෙහි ප්‍රධාන දෙසුමකට සහභාගි වෙමින් ක්‍රීඩකයෙකුට සිය කුසලතා වර්ධනය පිණිස ක්‍රීඩාව
ආශ්‍රිත දැණුම මෙන්ම සාමාණ්‍ය සමාජ දැණුමද වැදගත්වන ආතාරය පැහැදිලි කර දුන්නේය. ප්‍රවීන ජනමාධ්‍යවේදී දිවයින පුවත්පතේ ක්‍රීඩා
කතෘ සහ සමකතෘ අශෝක ගුණතිලක ක්‍රීඩාවෙන් සාර්ථක වීමටනම් තමා කරන ක්‍රීඩාවෙන්
වින්දනයක් ලැබීමට හුරුවීමේ වටිනාකම පැහැදිළි කළ අතර මනෝ විද්‍යා දේශකයෙකු වූ චමිල
කොඩිකාර මානසික ශක්තිය ක්‍රීඩාවේ ජයග්‍රහණ සදහා කෙතරම් දුරට හේතු වන්නේ දැයි
පැහැදිළි කළේය.
සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කතෘ දිනේෂ් වීරවංශ ජයග්‍රහණයකදී
මෙන්ම ජනමාධ්‍යයට මුහුණ දෙන සෑම අවස්ථාවකදී ම ක්‍රීඩකයා පෙර සූදානමකින් සහ
අවබෝධයකින් සිටිය යුතු බව පැහැදිළි කළේය.ප්‍රවීන ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩා
විද්‍යයතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දරයන් සිය දෙසුම තුළින් ක්‍රීඩකයා හෝ
ක්‍රීඩිකාව ලබන ජයග්‍රහණයන් තනිව තමන්ට අයිති ජයග්‍රහණ නොවන බවත් එම ජයග්‍රහණ
පිටිපස විශාල සමාජ සාධක ප්‍රමාණයක් සක්‍රීයව පවතින බැවින් ක්‍රීඩා ජයග්‍රහණයක් යනු
සාර්ථක කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක පිළිබිඹුවක් බවත් පැහැදිළි කර දුන්නේය.
වැඩ මුළුවට සහභාගි වූ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ
අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම සහ රජයේ ප්‍රවෘත්ති
අධ්‍යක්ෂ මහාචාර්‍ය ආරියරත්න ඇතුගල වැඩමුළුව පිළිබදව සාකච්ඡාවක නිරත වී සිටි අයුරු
ඡායාරූපයේ දැක්වේ.www.supirikrida.com
May 31, 2012
ලක් ධාවන පථයේ ඓතිහාසික අභිමානය අනාගතය වෙනුවෙන් නව ධාවන පථයේ මංගල ධාවනයට එක් වෙයි
සුගතදාස ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ධාවන පථය
විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා අතින් ඊයේ (30) සිදුවිය.ඒ විවෘතයෙන් පසුව ශ්‍රී
ලංකා මලල ක්‍රීඩාවේ දශක ගණනාවක අභිමානය ක්‍රීඩා හිතෛශීන්ගේ හදවත් තුළ යළි පුබුදු
කළ එස්එල්බී රෝසා,ඩබ්ලිව් විමලදාස,සුනිල් ගුණවර්ධන,කෝසල සහබන්දු සහ ඒ ප්‍රේමචන්ද්‍ර
යුගය ද,සුසන්තිකා ජයසිංහ,සුගත් තිලකරත්න සහ ශ්‍රියානි කුලවංශ ද නව ධාවන පථයේ වටයක්
දිව ගියේ යළිත් වසන්තයකට ආරාධනාවන් තබමින්ය.
බෞද්ධ චාරිත්‍ර වලට අනුව සෙත් පිරිත් සඡ්ඡායනා මැද විවෘත
වූ නව ධාවන පථයට පිවිසීමට ක්‍රීඩා අමාත්‍යවරයාට ද ආරාධනා ලැබුණ ද,සාමාන්‍ය පාවහන්
වලින් යුතුව එම ධාවන පථයට පිවිසීමෙන් ධාවන පථයට හානි විය හැකි නිසා අමාත්‍යවරයා එය
ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුතුය.නමුත් සිදුවීම ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට මෙම
තාක්ෂණය පිලිබදව අවබෝධයක් නොතිබි අතර ඔවුන් සාමාන්‍ය පාවහන් වලින් යුතුව ධාවන පථයේ
ඇවිදයාම කණගාටුදායක තත්ත්වයක් විය.
දියුණු ක්‍රීඩා සංස්කෘතියක් සහ මාධ්‍ය භාවිතයක් නිර්මාණය
කිරීමේ අවශ්‍යයතාවයට ක්‍රීඩා පරිපාලකයන්ගෙන් ලැබිය යුතු සහයක් ලෙස අවබෝධයෙන් යුතුව
එවැනි තාක්ෂණික කරුණු මාධ්‍යයට කරන ආරාධනාවන් තුළම සටහන් කළ හැකිනම් අගනේය. ධාවන
පථයේ විවෘතය සම්බන්ධ ඡායාරූප කිහිපයක් පසුව පළ කිරීමට බලා පොරොත්තු වේ.
Subscribe to:
Posts (Atom)