![](https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc1/1005095_10151696941047840_702105735_n.jpg)
මේ දක්වා පැවති තරග පිළිබදව විමසා බලන විට ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට ලකුණු 56 ක් ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ එම කණ්ඩායම් වලට සංගප්පූරුව රැස් කරන්නට දී ඇත්තේ ලකුණු 32 ක් පමණයි.මේ තත්ත්වය ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ අවධානයට අද තරගයේදී ලක් විය යුතු අතර සිංගප්පූරුව ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 259 ක් ලබද්දී ශ්‍රී ලංකාව ලකුණු 322 ක් ලබා සිටීමේ තත්ත්වය සම්පූර්නයෙන් අමතක කර තමන්ගේ දුර්වලතාවයට අවධානය යොමු කර එය වළකා ගන්නේනම් සිංගප්පූරුවට එරෙහිවද විශාල ජයග්‍රහණයකට යමින් අවසාන තරග පූර්ව වටය සහ අවසාන තරගය යන කඩඉම් ඉතා පහසුවෙන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී ලෙස පසුකර යාමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා හිටපු ජාතික පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීම මත නැගී සිටින ආසියාවේ අලුත්ම දැල්පන්දු වීරවරියන් වීමේ සුභ ලකුණු පළකරන බෘනායි කණ්ඩායම ඊයේ ආසියාතික යොවුන් දැල් පන්දු කිරීටයේ උරුමක්කාරියන් වන මැලේසියාව වෙතින් ලකුණු 50 - 19 ක පරාජයක් ලැබුවා.
www.supirikrida.com
No comments:
Post a Comment