ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු යොවුන් තරගාවලියේ වාර්තා වූ විහිෂ්ඨම ජය වාර්තා කරමින් අද (2) මාල දිවයින කණ්ඩායම පරාජයට පත් කළේ,,ලකුණු 112 - 6 ක් ලෙසය.තෙවන කාර්තුව වන තෙක්ම ලකුණු 83 / 3 ක් වූ මාල දිවයින ලකුණු පූවරුවට අවසාන කාර්තුවේ ලකුණු 3 ක් එක් වීම ඔවුන් මෙම තරගය තුළ කාර්තුවක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය විය.
මීට පෙර වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර තිබුණේ සිංගප්පූරුවය.ඔවුන් නේපාලයට එරෙහිව ලකුණු 109 ක් ලැබූ අතර පිළිතුරු ලෙස නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 04 කි.දැනට ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරග දෙකේ ප්‍රතිවාදීන් වන්නේ මෙම කණ්ඩායම් දෙකය.
ශ්‍රී ලංකාව අති දැවැන්ත ජයක් ලැබූ මාල දිවයිනට එරෙහිව තරගයේදී නේපාලය පරාජයට පත් විය.ඒ ලකුණු 54 / 24 ක් ලෙස බැවින් නේපාලය සමග තරගයේදී ශ්‍රී ලංකාවේ ජය මාල දිවයිනට එරෙහිව ලැබූ ජයටත් වඩා විශාල වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේම ශ්‍රී ලංකාව ලකුණු 77 ක් ලැබූ තායිලන්තයට එරෙහිව සිංගප්පූරුව ලබා ගත්තේ ලකුණු 65 ක් පමණි.නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව තායිලන්තය ලකුණු 40 ක් ලබා ගත්තද සිංගප්පූරුව ඉඩ ලබා දුන්නේ ලකුණු 20 ක් ලබා ගැනීමට යන්නද ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතු කරුණක් වන්නේය.
ඒ නිසා ඉදිරි තරග වලදී ලකුණු ලබා ගැනීම මෙන්ම සිය දැල ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිළිබදවද වැඩි සැළකිල්ලක් දැක් වීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේය.තිබෙන තත්ත්වය අනුව සියල්ල මැඩ සිය කාණ්ඩයේ සිංගප්පූරුව දෙවැනි කොට පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් තිබෙන බව පැහැදිළි නමුත් ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග තරගයට පෙර වඩා ශක්තිමත් ලෙස සිය ආරක්ෂක පෙළ තබා ගැනීම පිළිබදව කල්පනා කාරී විය යුතුව ඇත.
අවසාන වරට ශ්‍රී ලංකාව ආසියාතික යොවුන් කුසලානයක් දිනා ගත් මොහොතේ දී ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ ලෙස අභිෂේක ලැබූ ධම්මිකා මල්කාන්ති ද ආරක්ෂක පෙළ ශක්තිමත් කරන ක්‍රීඩිකාවකි.ඒ නිසා ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ගමණේ තීරණාත්මක සාධකයක් ලෙස ශ්‍රී ලංකාවේ දැල් විදින්නියන්ගේ ඉහළ ප්‍රතිභාව තරමටම සෙසු ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන් සිය දැළ තුළට පන්දුව රැගෙන ඒම වැළක්වීමට ද හිමි වන බව මෙහිදී සියළුම ක්‍රීඩිකාවන්ගේ අවධානය යොමු විය යුතුය.
www.supirikrida.com

No comments:
Post a Comment