තරගකාරී සහ අනවශ්‍යය පීඩනයක් ගෙන දෙන තරගාවලියක් ලෙස කිඩ්ස් තරගාවලිය හැදින්වීමට තමා අකමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ පැවති එම තරග වලින් පැහැදිළි වූවේ බොහෝ සේ ප්‍රීති ප්‍රමෝදයට පත් වූ ළමා ක්‍රියාකාරකම් බව පෙන්වා දුන්නේය.
ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමෙන් නීතිමය ප්‍රතිපාදන සැකසීමේදී ක්‍රීඩාවේ න්‍යායන් හදුනා ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැති අතර ක්‍රීඩා පණත සංශෝධනයේදී ද එම වගකීමට නායකත්වය දුන් පුද්ගලයා වචන වෙනස් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් කළා හැරෙන්නට පනත සංශෝධනය පිළිබදව විද්‍යාණුකූල අවබෝධයකින් සහ සමස්ත ක්‍රීඩා පරිපාලන ඒකක පිළිබද හැඩතල සළකමින් ක්‍රියා කළ බවක් පෙනෙන්නට නැත.අධික ලෙස වෙහෙසට පත් කරන තරගකාරී වටපිටාවක් තුළ ළමා සිරුරට සහ මනසට වන හානිමය තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඉතා කුඩා දරුවන්ට ක්‍රීඩා කළ හැකි සීමාවන් පැනවී ඇති අතර ලංකාවේ ජාතික ක්‍රීඩාවේ ප්‍රබෝධයට ඉවහල් වන පරිදි එම සීමාවන් හී රැදෙමින් කිඩ්ස් වොලිබෝල් තරගාවලිය තරග වටයක් යම් කාලයකට යටත් කර පැවත්වීමේ සංශෝධනය සළකා නොබලමින් එය සම්පූර්ණයෙන් අවලංගු කර දැමීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ තීන්දු තීරණ හරස් කිරීම අප වෙබ් අඩවිය ද තරයේ හෙළා දකින්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment