![](https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/557364_3193921746278_923257690_n.jpg)
තරගයේ පළමු කාර්තුවේ සිට සිව්වන කාර්තුව දක්වා පිළිවෙලින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 19- 22-17 සහ 19 ලෙස රැස් කළ අතර ප්‍රතිවාදි තායිලන්ත පිළ එම කාර්තු හතර තුළ රැස් කරනු ලැබුවේ පිළිවෙලින් ලකුණු 8-9-13 සහ 10 ක් ය.නායිකා සේමිණි අල්විස් මෙන්ම උප නායිකා ගයනි දිසානායක ද සිය අත්දැකීම් මේ තරගයේදී මැනවින් පැහැදිළි කළ බවට බෘනායි තොරතොරු වාර්තා කරන අතර මෙම ජයග්‍රහණය ඉදිරි තරග සදහා විශාල ශක්තියක් වනු ඇති බවත් සූරතාවය පිළිබද විශ්වාසය ඉහළ දැමීමට සමත් ජයග්‍රහණයක් ලෙස ද ශ්‍රී ලංකා කදවුර හරහා ලැබෙන වාර්තා පෙන්වා දෙයි.
සත්කාරක කෝඩුකාර බෘනායි කණ්ඩායමට ඊයේ දිනයේදී අවාසනාවන්ත පරාජයක් විදින්නට සිදු වූ අතර නමුත් පළපුරුදු හොංකොං කණ්ඩායම සමග කරට කර තරගයක් දෙමින් ඔවුන් ලකුණු 38 - 34 ක සියුම් පරාජයක් විදීම තුළ තිලකා ජිනදාසගේ මග පෙන්වීම බෘනායි දැල් පන්දුව කෙතරම් දුරට පෝෂණය කර තිබෙන්නේද යන්න පැහැදිළි කිරීමකි.
www.supirikrida.com
No comments:
Post a Comment