![](https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/1005689_10151668604047840_1320903549_n.jpg)
බෘනායි දේශයේ දැල්පන්දු පිබිදීමට හේතු පාදක වූ චරිතය ලෙස බෘනායි වැසියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින තිලකාගේ දායකත්වය නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙම තරගාවලියේදී විශාල පිළිගැනීමක් හිමි වී ඇති අතර එම නිසා ශ්‍රී ලංකාව සහභාගි වන තරග වලදී විශාල ප්‍රේක්ෂක දිරි ගැන්වීමක් සහිතව තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි ව තිබෙනවා.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා නිසා මෙරටට අහිමි වූ තිලකා සිය හැකියාව මේ වන විට ප්‍රායෝගිකව ලෝකය ඉදිරියේ පෙන්වමින් සිය වෘත්තීය ස්ථාවරය ජාත්‍යන්තර මට්ටමෙන් සළකුණු කරමින් තිබෙන අතර මේ තත්ත්වය සිදු වූ වරද නිවැරදි කර ගැනීමට හැකියාව ඇත්දැයි සළකා බැලීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලකයන්ට ලැබුණු හොද අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
www.supirikrida.com
No comments:
Post a Comment