කොරියාවේ බූසාන් නුවර සාජික් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී අද ආරම්භ වීමට නියමිත ආසියානු මේස පන්දු සූරතාවලියේදී සිය ස්ථානය තව දුරටත් පෙරට ගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් ද සෑම උත්සාහයක්ම ගනු ඇති බව ලාංකේය මේස පන්දු සංගම් උපුටා දක්වන වාර්තා සදහන් කරයි.ජූනි 30 සිට ජූලි 07 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට ලොව ප්‍රබලතම මේස පන්දු සංස්කෘතියක් ඇති ආසියානු රටවල් සමග රටවල් 25 ක් එක් වී සිටින අතර,කලෙකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ප්‍රවීන ක්‍රීඩක ඉන්දික ප්‍රසාද් ඇතුළුව ක්‍රීඩකයන් සිව් දෙනෙකු මෙම තරගාවලියේ පිරිමි අංශයෙන් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
නාවික හමුදාව නියෝජනය කරන ඉන්දික ට අමතරව පිරිමි කණ්ඩායමට නායකත්වය දෙන රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවය.ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු බලාපොරොත්තුව ලෙසට පැහැබරව දිලෙන මහනුවර නිද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ද කණ්ඩායමට එක් වී සිටියි.
කාන්තා ක්‍රීඩිකාවන්ගේ නායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ජාතික සූරී ඉෂාරා මධුරංගිට හිමිව ඇති අතර මලියදේව බාලිකාවේ පවනි සිරිසේන ද,මහනුවර මහමායාවේ රිද්මි කරදනආරච්චි ද සෙසු කාන්තා නියෝජනයන් වෙති.
www.supirikrida.com

No comments:
Post a Comment