අවස්ථා කිහිපයකදීම විනය කඩ කළ බවට චෝදනා එල්ල වුව ද මෙම ක්‍රීඩකයාට දේශපාලන රැකවරණ නිසා දඩුවමක් නොලැබුණු අතර ඇතැම් විට ඇමත්වරුන්ගේ පුතුන් පමණක් නොව සාමාන්‍ය පිරිස්ද එසෙ හැස් වැරදියට හැසිරෙන බව කියමින් අනෙකුත් අමාත්‍යවරුන්ගේ පුතුන්ගේ අවිනීත හැසිරීම් පවා සාධාරණියකරණය කරන්නට චෝදනා එල්ල වන ක්‍රීඩකයාගේ පියාට සිදු විය.කෙසේ ගෙදර කුටියේ නිරුවතින් හැසිරෙන විට තරවටුවක් නොලැබීම ආශිර්වාදයක් කර ගත් මෙම ක්‍රීඩකයා එය තමන්ගේ අයිතියක් මෙන් ගෙන හැසිරෙන්නට යාමේ ප්‍රතිපලය ලෙස ලෝකයාම ඉදිරියේ නිරුවත් වීම හැදින්විය හැකි බව තතු දත්තෝ පවසති.
දැනට ද පරීක්ෂණයක් කරන බව ප්‍රතාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබදව කළමණානරුගේ වාර්තාව ලබා ගැනීමට නියමිතව ඇති බව පවසන නමුත් වාර්තා වන තොරතොරු අනුව මොහු සමග පැමිණ ඇත්තේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණක් වන අතර කළමණාකරු ඒ සමග සිට නැත.ඇතැම් විට එය උපකාරයක් කර ගනිමින් කැකිල්ලේ තීන්දුවක් ලෙස කළමණාකාරවරයා එම ක්‍රීඩකයන් සමග නොපැමිණීම සැළකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයාගේ හැසිරීම පිළිබදව කළමණාකාරවරයාට දඩුවම් ලැබීමට ද ඉඩ ඇති බව ක්‍රිකට් කේෂ්ත්‍රයේ ඇතැම් දෙනාගේ අදහස වී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment