කාසියේ වාසිය ලැබූ ඊයේ ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් විරාට් කෝලි ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළා.ආරක්ෂාව සහ ආක්‍රමණය යන කරුණු දෙකම පදනම් කරගත් සුවිශේෂි ඉණිම් දෙකක් ක්‍රියාවට නැංවු ආරම්භක පිතිකරුවන් වූ මහේල ජයවර්ධන සහ උපුල් තරංග පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 213 ක් දක්වා රැගෙන ගියේ පන්දු ඕවර් 38.4 ක් තුළයි.මහේල රිවර්ස් ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 107 ට දැවී ගොස් සුළු මොහොතකින් තරංග ද ලකුණු සියයේ සීමාවට පැමිණි අතර ඉන් අනතුරුව ක්‍රීඩා පිටියේ දකින්නට ලැබුණේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව දියත් වූ හිත්පිත් නැති ප්‍රහාරයකුයි.
මහේලගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉණිමට එක් වූ ලකුණු 135 එක් වන්නට ගත වූයේ පන්දු ඕවර් 11.2 ක් පමණක් වූ අතර එම ඕවර් ප්‍රමාණයේදී ශ්‍රී ලංකාවේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 12 ක් පමණ වූවා.අති දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වූ ලකුණු 349 ක් ලබා ගැනීමේ අභියෝගය හමුවේ සසැලි ඉන්දීය පිතිකරුවන්ට පන්දු ඕවර් 50 ක්‍රීඩා කිරීමට හෝ අවස්ථාව හිමි නොවුණු අතර අවසානයේ ඉන්දීය ලකුණු පූවරුව 187 ක් ව තිබියදී ඉන්දීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියා.රවීන්ද්‍ර ජඩේජා පමණක් හුදෙකලා සටනක නිරත වූව ද ඔහුට අර්ධ ශතකයේ සීමාවට පිවිසීමට හෝ සහය දැක්වීමට ඉන්දීය පිතිකරුවෙක් ඉතිරි නොකළ ලාංකේය පන්දු යැවීමේ බල ඇණිය ඉන්දීය ඉණිම හමාර කර දමන විට ජඩේජාට අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවෙන් පන්දු යවන්නාගේ අන්තයේ නොදැවී රැදී සිටින්නට සිදු වුණා.
පන්දු යැවීමේදී රංග හේරත් ලකුණු 37 ක් දී කඩුලු 3 ක් දවා ගත් අතර සචිත්‍ර සේනානායක බලධාරීන්ගේ ඇස් පාදමින් ලකුණු 46 ට කඩුලු 2 ක් ලබා ගත්තා.ලකුණු 349 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පන්දු යවන්නන් ඇද බැද තබමින් පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් දෙවන කඩුල්ල සදහා තරංග සමග නොදැවුණු ලකුණු 135 ක සබදතාවය සදහා පන්දු 29 කින් ලබා ගත් ලකුණු 44 කින් දායක වූ අයුරෙන්ම ආරම්භක පන්දු යැවීමේ කාර්යය පවරා ගනිමින් පන්දු ඕවර් 8 ක් යවා ලකුණු 23 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගත්තා.
තරගයේ නිල ලකුණු සටහනට පහත සබදතාවය භාවිතා කරන්න.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597925.html
www.supirikrida.com
No comments:
Post a Comment