![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vbjAUWBuR_Ns6SELeqhH8dlBdGiDt5eZgGVBolsPyuwKvYUU2aJqY3iK53EOY14pRaxmyKVasp-YFWlZXVwYt9m3vsKVssvqcOCkHcrr23g6GZ7wrO3dTcFImpBuafyY2UJygMX-GrpU0zXS_m2m-kheLRIgbgW2PrXp7ztR1QNfeuKWwDT4SqU5HLKAE=s0-d) |
ජෙනසෙබ් සුමී |
ඉකුත් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දී ලබා ගත් ජයග්‍රහණ වල ගෞරවය සුරක්ෂිත කර ගැනීමේ අපේක්ෂාවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගේද සහභාගීත්වය ඇතිව ඉන්දියාවේ පූනේ ශ්‍රී සිව චත්‍රාපති ක්‍රීඩා සංකීරණයේදී 2013 ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඇරඹිමට කටයුතු සූදානම්ව පවතියි.ආසියාතික රටවල් 43 ක් නියෝජනය කරමින් මෙවර 20 වැනි වරට පැවත්වෙන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන 19 වන ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් අතරින් එවර මකාන්තා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කළ බහරේනයේ ජෙනසෙබ් සුමී මෙවර මීටර් 800 සදහා ඉදිරිපත් වන අතර සෙසු 13 දෙනාම ඉදිරිපත් වන්නේ ඉකුත් තරග උළෙලේ ජයගත් ඉසව් වලටය.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩිකාවන් 12 ක් සහ ක්‍රීඩකයන් 8 ක් සහභාගි වන අතර ඒ අතරින් නදීකා ලක්මාලි සහ සචිත් මධුරංග පින්ලන්තයේ සිටත් ක්‍රිස්ටීන් මෙරිල් ඇමෙරිකාවේ සිටත් පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතය.3 දා තරගාවලියේ ආරම්භක දිනයේ ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය ලෙස තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේ චන්ද්‍රිකා සුභාෂණිය.ඇය පූනේ වේලාවෙන් පෙරවරු 9.55 ට කාන්තා මීටර් 400 මූලික තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.
තරග කාල සටහන සදහා පිවිසීමට -
http://indianathletics.in/news/20th%20LatestAsian%20Competition%20Schedule%20%208.6.13.doc.pdf
www.supirikrida.com
No comments:
Post a Comment