පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයවන් දැක් වූ දක්ෂතා අනුව මෙම තරගාවලියෙන් පෝලන්තයේ පැවත්වෙන ජගත් වොලිබෝල් කුසලාන තරගාවලියේ දෙවන වටය සදහා පිවිසීමට ලංකාවට පළමු වරට ඉඩ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා පෙන්වා දෙන්නේ ඒ සදහා වන වාතාවරණය වඩාත් යහපත් කිරීම සදහා තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ද කටයුතු කළ බවය.සති තුනකට පමණ පෙර තරගාවලිය ලබා ගැනීමෙන් අනතුරුව ඊට අනුග්‍රාහකයෙකු සෙවීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවසානයේ එම වගකීම ක්‍රීඩා අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංහය විසින් බෙදා ගන්නට යෙදුණ බව පැහැදිළි කළේය.
No comments:
Post a Comment