ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 12 ක් සහ ක්‍රීඩකයන් අටක් සහභාගි වන අතර පදක්කම් බලාපොරොත්තු අතර සිටින ප්‍රධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර නදීකා ලක්මාලි,මංජුල කුමාර,චන්ද්‍රිකා සුභාෂණි,සචිත් මදුරංග මෙන්ම ඩබ්කේඑල් ඒ නිමාලි ද වෙනවා.සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලීන සහ විශේෂ දක්ෂතා අනුව එසේ තීරණය කළ ද ශ්‍රී ලංකා කදවුරේ සිටින එරංගා දුලක්ෂි,අංජන කුමාර වැනි යොවුන් ක්‍රීඩකයන් මෙන්ම ජානි චතුරංගි,සුජානි බුද්ධිකා වැනි ජ්‍යෙෂ්ඨයන්ද යන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිමයට පැමිණ හොදම දක්ෂතාවයට පිවිසීම මෙන්ම, හෝ සෙසු සහභාගීත්වයන්ගේ දක්ෂතා අවප්‍රමාණය වීම යන කරුණ පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ පදක්කම් පැසෙහි බර වැඩී වීමට ඉඩ තිබෙනවා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ පැවති සමාරම්භයට එක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරි කණ්ඩායමයි.එහිදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාම පැවරී තිබුණේ ශ්‍රී ලංකාවේ උස පැනීමේ වාර්තාලාබියා මෙන්ම ආසියාතික මලල ක්‍රීඩා තරගාවලි දෙකකදීම රන් පදක්කම් දිනා ඇති මංජුල කුමාරට යි.
www.supirikrida.com
No comments:
Post a Comment