පින්ලන්තයේ පිහ්ටිපුඩා හි පැවති හෙල්ල වීසි කිරීමේ සැණකෙළියේ දී කාන්තා අංශයේ ඒ කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි ඉකුත් වසරේ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කම්ලාභිණිය වූ සොෆී ෆ්ලින්ක් පරායට පත් කරමින් එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක මෙම සැණකෙළියේ මීට පෙරද දෙවන ස්ථානයක් දිනා සිටි නදීකා,03 දා පූනේ හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට පින්ලන්තයෙන් පිටත් වීමට පැය කිහිපයකට පෙර එම සැණකෙළියේ අවසාන අදියර නියෝජනය කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 59.32 ක දක්ෂතාවයක් දක්වමින්ය.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_s8eWAGihixjXt5I-lUVe7wT5O0x4pFFHkh9GVapVASR-74_0U-VFHHomY1qH0zKAnVxMqgzXXUVre2-r0wtzhk7-Edege2UuFh0Q65AglXp2WOPzcIhAsmMga-ct8kHrabT3kyhg9oSy9ZolKSeDkRQAW2lkP_JK7l-QVu=s0-d) |
සොෆී |
ඇය හිමි උත්සාහයන් හයේ තෙවන උත්සාහයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ නදීකා, දෙවන උත්සාහයේ දී වාර්තා කළ මීටර් 51.84 එම ඉසව්ව තුළ ඇය වාර්තා කළ අඩුම දුර වූවාය.කණිටු ලෝක සූරිය වන සොෆී 2012 දී එම ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කර ඇති මීටර් 61.40 ඇයගේ ඉහළම දස්කම සැළකෙන අතර නදීකා ගේ පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇය ශ්‍රී ලංකාවේ පුහුණු කටයුතු වල නියැලි අවසාන කාලයේ මීටර් 60 ඉක්මවා දස්කම් දැක් වූ බැවින් ඇය පූනේ හී දී එම සීමාවට පිවිස මීටර් 60 සීමාවට පිවිසි පළමු හෙල්ල වීසි කිරීමේ ලාකේය ක්‍රීඩිකාව වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
මේ අතර මෙම තරගයට ඉදිරිපත් වූ සචිත් මධුරංග මීටර් 77.81 ක දුරක් හෙල්ල වීසි කරමින් එම ඉසව්වේ පස් වැනි ස්ථානය දිනා ගත්තේය.
www.supirikrida.com
No comments:
Post a Comment