සුපිරි ටෙනිස් සූර ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් මෙවර ලන්ඩන්
උළෙලට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නඩාල් ප්‍රකාශ
කරන්නේ තමන් ඒ සදහා සුදුසු කායික සහ මානසික මට්ටමක නොමැති බවයි.
පාදයේ කලවා ප්‍රදේශයේ අබාධයකින් පසුව තවමත් යථා තත්ත්වයට
පැමිණ නැති නඩාල් ජගත් හ්‍රේනිගත කිරීම් වල අංක එකේ සිට අංක තුන දක්වා පහත බැස
තිබෙනවා.විශේෂයෙන්ම නඩාල් තරග පිටියේ දක්ෂතා අතරට පිවිසෙමින් අංක එකේ තත්ත්වයෙන්
පහත ඇද දැමූ රොජර් ෆෙඩරර් යළිත් අංක එක ස්ථානයට පැමිණිමත්,අංක එකෙන් දෙකට වැටි
නොවැක් ඩිජොකොවික් යන දෙදෙනා ගේ අභියෝගයත් ජය ගැනීමට යම් කිසි කාලයක් තුළ සිය තරග
සැළසුම් සකස් කර ගැනීමේ අපේක්ෂාවත් නඩාල් ට මේ නිහඩ වීම තුළ ඇතැයි සිතිය හැකියි.
No comments:
Post a Comment