නමුත් පළමු වටය ලකුණු 25 - 14 ක් ලෙස ජය ගෙන සිටි පකිස්තානය යළිත් තරගයට අවතීර්ණ වෙමින් සිව්වන වටය ලකුණු 25 - 17 කින් ජය ගනිමින් තරගය තීරණාත්මක පස්වන වටය දක්වා ඇද ගෙන යන්නට පියවර ගත්තේය.තරගය පුරවටම හිරන්‍ය කේසල පකිස්තානු ප්‍රහාරයන්ට වැට බදිමින් ද කෙටි ප්‍රහාරයන් එල්ල කරමින් ද පකිස්තානු ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයකට පත් කළ අතර සුපිරි ක්‍රීඩක ජනිත සුරත් සහ දීප්ති රණවක ද ප්‍රහාරකයන් ලෙසින් පකිස්තානය වෙත දැඩි පීඩනයක් ඇති කරන්නට සමත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රවීන පන්දු සකසන්නා ලෙස පිළි ගැනෙන මොරිස් පෙරේරා ට ඊයේ සාර්ථක දිනයක් නොවුණු අතර ඒ නිසා එම වගකීම නිලංග සංජයට දරන්නට සිදු විය.ඔහු එම වලකීමට ඉතා හොදින් උර දුන් අතර වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්තයෙකු වන විධායක කමිටුවේ සාමාජිකයෙකු පෙන්වා දුන්නේ අවසාන තීරණාත්මක පස වන වටයේදී හොදින් පන්දු සකසමින් සිටි නිලංගව වෙනස් කර නැවත මොරිස් කැදවීම ද පකිස්තානය වෙත තරගය යොමු වීමට ප්‍රබල ලෙස බල පෑ බවය.
අද පැවති ඉන්දියාව සහ මාල දිවයින අතර තරගය වැඩි පීඩනයකින් තොරව තරග වට 3 - 0 ක ජයක් ඉන්දියාවට ලබා දෙමින් නිමාවට පත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment