පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් පිතිකරුවන්ට ලකුණු 300 යන්න යම්කිසි ආකාරයක මානසික පීඩනයක් ඇති කර තිබෙන බව පැහැදිළි කළ අතර ජොන්සන් චාල්ස් (45) හැරෙන්නට අන් කිසිදු මුල් පෙළ පිතිකරුවෙකු සාර්ථක වන්නට හැකි වූයේ නැහැ.තරගයේ අග බාගයේ කැමරන් රෝච් වගකීමෙන් යුතු ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් එක් කළ ද,එය ඉන්දියාවට තරගය ප්‍රසාද ලකුණක් සහිතව ජය ගැනීම වැළක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදෙව් 32 ට කඩුලු 3 ක් ලබා ගත් අතර බුවනේෂ් කුමාර් කඩුලු 3 ක් ලකුණු 19 ට ලබා ගත්තා.ආරම්භක පන්දු යවන්නන් ලෙස තරගය ආරම්භයේ සිටි එම දෙදෙනා ඇති කළ පීඩනය හේතුවෙන් කොදෙව් ඉණිම පන්දු ඕවර් 34 දි ලකුණු 171 ට සීමා වුණා.වර්ෂාව නිසා පන්දු ඕවර් 39 දී ලකුණු 274 ක් වූ කොදෙව් ඉලක්කය අසාර්ථක වෙමින් ඉන්දියාවට ලකුණු 102 ක ජයක් අත් වුණා.
ලකුණු පූවරුවට - http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597926.html
www.supirikrida.com
No comments:
Post a Comment