නමුත් ලකුණු 570 ක ලකුණු ප්‍රමාණය යනු පහසු ඉලක්කයක් නොවන අතර එය පීඩනයක් කර ගනිමින් එයින් මිදෙන්නට දරණ සියළු උත්සාහයන් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් ඇති කරන්නට හේතු විය හැකිය.විශේෂයෙන් අජන්ත මෙණ්ඩිස් සහ රංගන හේරත් තරගයේ තෙවන දිනය වන අද වන විට තණතීරුවේ ඇති පළුදුවීම් සොයා ගැනීමට දරණ උත්සාහය බංගලාදේශ පිතිකරුවන්ට පහසු නොවනු ඇත.
එහෙත් මේ අපහසුතාවයෙන් මිදෙන්නට බංගලාදේශය සතු සුපිරිතම තුරුම්පුව වන මොහොමඩ් අෂ්රාෆුල්, මේ වන විටත් අර්ධ ශතකයේ සීමාව පසු කරමින් කඩුල්ලේරැදී සිටින අතර අද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තු ඉටු වීම හෝ ඉටු නොවීම යන කාරණයට අෂ්රාෆුල් ගේ කඩුල්ලේ රැදී සිටීම තීරණාත්මක සාධකයක් වනු ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com
No comments:
Post a Comment