Nov 29, 2012

පළාත් පහක් කැමති වුණොත් ජාතික ක්‍රීඩා උළෙලට කාන්තා බොක්සිං පුළුවන් - සජිත් ජයලාල්

ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමෙන් විශාල අවධානයක් දිනා ගනිමින් සිටියදී ත් ජාතික ක්‍රීඩා උළෙලට කාන්තා ‍බොක්සිං ක්‍රීඩාව ඇතුළත් නොවන්නේ මන්දැයි 'සුපිරික්‍රීඩා', ජාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිත මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකදී කරුණු පැහැදිළි කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් ප්‍රකාශ කළේ  ඒ සදහා පළාත් පහක කැමැත්ත හිමි විය යුතු බවය.
'සාමාන්‍යයෙන් පළාත් නවයෙන් පහක කැමැත්ත හිමි වුණොත් ඒ ක්‍රීඩාව ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ හැකියි 'යනුවෙන් අදහස් දැක්වූ නියෝජය අධ්‍යක්ෂවරයා ජාතික බොක්සිං සංගමයෙන් ඉල්ලීමක් ආ විට එය පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් හා සාකච්ඡා කිරීමට හැකි බවත්,ඒ අනුව එහිදී පළාත් නවයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරු පස් දෙනෙකු එයට කැමැත්ත පළ කරන්නේ නම් එම ක්‍රීඩාව ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
මේ රටේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබිය හැකි ඉසව්වක් ලෙස මීට වසර ගණනකට පෙර සිටම බොක්සිං පිළිබදව විශ්වාසය පළ කරන ප්‍රවීන ක්‍රීඩා උපදේශක සහ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දරයන් වැනි ප්‍රවීනයන්ගේ මතය නිවැරදි කරමින් මේ වන විටත් ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ජාත්‍යන්තර ජයග්‍රහණ ගණනාවක් ලබා සිටින අතර එම තත්ත්වය තේරුම් ගෙන 'සුපිරික්‍රීඩා ' ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව ව්‍යාප්තිය සදහා ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය සමග එක්ව කටයුතු කරන්නට තීරණය කළ අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් උතුරු පළාතේ කරන ලද සාකච්ඡා සදහා විශාල එකගතාවයක් ලැබී ඇත.
www.supirikrida.com

No comments: