පුනේ හී ඇරඹි ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් චන්ද්‍රිකා සුභාෂණී මීටර් 800 ඉසව්වේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවාය.ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසුව ඇය ඉදිරිපත් වන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ඇය සුපුරුදු දක්ෂතා පළකිරීමට තමා සහභාගි වූ මූලික තරගයේ දී අසමත් වූ අතර ඇය එම තරගයේ පස්වැනියා ලෙස තරගය නිමා කළේ තත්පර 54.16 ක කාලයක් වාර්තා කරමින්ය.නමුත් අවසාන පූර්ව තරග දෙකේ කාලය සංසන්දනය කිරීමේදී අවසාන තරගයට හොදම කාලය අනුව තෝරා ගැනෙනන ක්‍රීඩිකාවන් දෙදෙනා අතරට අවසන්නා ලෙස එක් වීමට චන්ද්‍රිකාට අවස්ථාව හිමි වූවාය.
මේ අතර මීටර් 400 පිරිමි තරගයට සහභාගි වූ අංජන ගුණරත්නට සහ දිල්හාන් ආලෝකට මූලික තරග වලින් නවතින්නට සිදු වූ අතර ආලෝක තමන් සහභාගි වූ මූලික තරගයේ දී හයවැන්නා ලෙස තරගය නිම කළ ද තත්පරර 47.39 ක කාලයක් පෙන්වමින් ඉතා හොද වර්ධනයක් පෙන්වීම සතුටුදායක තත්ත්වයකි.එසේම අංජන ගුණරත්න සිය මූලික තරගයේද පස්වැන්නා ලෙස තරගය නිම කළ අතර ඔහු තත්පර 47.70 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.
අද ශ්‍රී ලංකා කෙටි ධාවන සූරී ජානි චතුරංගී ද සිල්වා මීටර් 100 මූලික තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment