තරගයේ පළමු වටයේ ක්‍රීඩා පිටියට කැදවීමක් නොලද යොවුන් ක්‍රීඩක හිරණය කේසල දෙවන වටයේදී ක්‍රීඩා පිටියට කැදවීමත් සමග ශ්‍රී ලංකා දැල දෙසින් දැවැන්ත ආවරණයක් වැටුණු අතර තරගයේ පළමු ලකුණේ සිට හිරණය විසින් කළ ඒ ආවරණය නිසා එම වටය ලකුණු 25 - 12 ක් ලෙස පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.නමුත් ඔහු තරගය පුරා එක දිගට යොදා නොගන්නා තත්ත්වයක් දුටු අතර ඇතැම් විට එය ඔහු ගේ සෞඛ්‍ය ගැටළුවක් නිසා වැඩි පුරා වෙහෙසට පත් නොකිරීමක් ද විය හැකියි.
ශ්‍රී ලංකාවේ වොලිබෝලයේ වර්ථමාන ජාත්‍යන්තර සළකුණ බවට අවිවාදිත ජනිත සුරත් වැඩි කළබලයක් නොපෙන් වූ අතර ඔහු ඉතාමත් සාමකාමී ක්‍රීඩා විලාශයක් පෙන්වමින් කටයුතු කළා.ඇතැම් විට එය වඩා ප්‍රබල ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් වලට එරෙහිව ශක්තිය ඉතිරි කර ගැනීමේ වෑයමක්ද විය හැකියි.
නමුත් ජනිත අපහසු අවස්ථා වල දී වේගවත්ම සුපුරුදු ප්‍රහාර කිහිපයක් මෙන්ම අවස්ථානෝචිතව පන්දුව යොමු කිරීමෙන්ද ලකුණු කිහිපයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සමත් වුණා.
අනතුරුව පැවති පකිස්තාන - ඉන්දීය තරගයේදී කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක සිටිය ද පකිස්තානුවන් වැඩි වැරදි ප්‍රමාණයක් කරමින් ඉන්දියාවට ලකුණු 25 - 21,25-20 සහ 25 - 21 ලෙස ජය ගැනීමට අවශ්‍යය පසුබිම සකසා දුන්නා.විශේෂයෙන් පන්දු පිරිනැමීමේදී ඔවුන් දැක් වූ දුරුවලතාවය නිසා ඉන්දීය පිළට ලකුණු විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට සිදු වීම මෙහිදී ඉන්දියාවට විශාල සහයක් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment