කොරියාවේ බුසාන් නුවර ක්‍රියාත්මක ආසියානු මේස පන්දු තරගාවලියේ පිරිමි කණ්ඩායම් අංශයේ අන්තිමයා නොවී ගැලවෙන්නට නේපාලය හමුවේ ගත් උත්සාහය 3 - 1 ක ජයක් ලබමින් සාර්ථක ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ අනුව පිරිමි මේස පන්දු කණ්ඩායම් තරග ඉසව්වේ කණ්ඩායම් 20 අතරින් 19 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.
ක්‍රීඩිකාවන් ද කාන්තා කණ්ඩායම් තරග අංශයේ අවසන් ස්ථානයෙන් බේරීම සදහා නේපාලය අනිවාර්යෙන්ම පරාජය කළ යුතුව ඇත.එසේ පරාජය කිරීමට හැකි වුව හොත් කාන්තා අංශය නියෝජනය කළ කණ්ඩායම් 20 අතරින් 19 වන ස්ථානයේ රැදෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ට හැකියාව ලැබෙනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment