![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXbTGs-6i8_VT_YBuJQrZ5GaGMMrFbx7dIfSOXjkHrBxsr0HODQH4zieXXVhS0NRWwX8TTCQZ1NDiYP7FGuGU1e78seFgSsC2GTo3awwEWmHltfZSi5S4xCiJ54uZpBiPMAeFU6WrUJ8Y/s640/lakshima.jpg) |
ලක්ෂිමා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcSaGJ1gZnO7zXPxOMr7sVX015VI4rRjCmBOMwvIFHr3ELlPmVMjxIrzvNusa2QnzeyH5iNAoV7tHbxacq3sPHB3ox7iwxUTa-ycZyj_dpqOUE_9bWQWpYBQx3brI8fHFfJlku6r_GRYQ/s640/MBC+2.jpg) |
ප්‍රභාෂ් ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලියේ දී නේෂන් ට්‍රස්ට් බැංකුව නියෝජනය කළ මොරටුව ජයගත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමයේ ආදී ශිෂ්‍යාවක වන ලක්ෂිමා පීරිස් ත්‍රිත්ව සූරතා දිනා ගැනීමට සමත් වුණා.එහිදී ඇ ෆ්‍රැන්සිස්කු කණ්ඩායම නියෝජනය කළ රුවන්ති විද්‍යානි ලකුණු 21/11 සහ 21/12 ලෙස පහසුවෙන් පරාජය කරමින් කේවල සූරතාවය ජයගත් අතර මනෝෂා චන්ද්‍රසේන සමග එක්ව යුගල සූරතාවය ද,කුෂාන් මධරංග සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවය ද දිනා ගත්තා. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixS1KcB8keQU3VDDHRX_jzduSCZfy_WhFAEQSTpGP6hGHMLXzlU77Yf2YbP7ihF9a5LU2pgLRseyE_7IgGtWBm_gC2qteQT7p2lShtM-CA8afNZRFhEH6HhtEHuz1EkmrIM2xHyvHyHEg/s640/nation+trust.jpg) |
නේෂන් ට්‍රෂ්ට් කණ්ඩායම |
මෙම තරගාවලියේදී නේෂන් ට්‍රෂ්ට් බැංකු කණ්ඩායම විශිෂ්ඨ දක්ෂතා දැක්වුව ද පිරිමි කේවල අංශයේදී එම අභියෝගය මැඩ පවත්වා කේවල සූරයා වන්නට සුභාස් ඉන්ද්‍රජිත් සමත් වූ අතර ඔහු නදුන් හෙට්ටිආරච්චි සමග එක්ව යුගල සූරතාවය ද දිනා ගත්තා.
පිරිමි ප්‍රවීන තරග අංශයේදී ද හැටන් නැෂනල බැංකු කණ්ඩායමේ සංඛ ඉලේපෙරුම ද ද්විත්ව සූරතා වාර්තා කළා.කේවල සූරතාවයට අමතරව ඔහු ෆින්ලේ හී නවීන් වීරසේන සමග එක්ව යුගල සූරතාවය ද දිනා ගත්තා.
තරගයේ ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඩී සැම්සන් සහ ප්‍රත්‍ර සමාගමේ සභාපති නන්දදාස රාජපක්ෂ එක් වූ අතර තරුන සහභාගීත්වය සහ දක්ෂතා ඉහළ මට්ටමකින් පැවති මෙම තරගාවලිය වෙළද සේවා ආධුනික බැඩිමින්ටන් තරග ඉතිහාසයේ විශිෂ්ඨතම තරගාවලියක් බව පැවසුවා.
තරගාවලියේ මාධ්‍ය ප්‍රචාරන සම්බන්ධිකරණය සදහා
www.supirikrida.com වෙබ් අඩවිය දායකත්වය ලබා දුන්නා.
www.supirikrida.com
No comments:
Post a Comment