ඉන්දියාව සිය ලකුණු 229 රැක ගැනීමට ගත් හෑයම 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ව්‍යර්ථ කළ අතර සිය ලකුණු ප්‍රමාණය රැක ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ගත් වෑයමේදී උමේෂ් යාදෙව් ලකුණු 43 ට කඩුලු 3 ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් 44 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
මෙම තරගයේදී කොදෙව් පිළිට ඩියෝන් බ්‍රාවෝ ගේ නායකත්වයේ ආශිර්වාදය අහිමි වූ අතර නායකත්වය දැරුවේ කිරාන් පොලාඩ්ය.පොලාඩ් කාසියේ වාසිය ලැබ ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර එම තීරණය නිවැරදි බවට සනාත කරමින් ගෙවුණු චැම්පියන්ස් කුසලාන තරතාවලියේ වීරයා වූ සිකර් ධවාන් ලකුණු 11ටත් විරාට් කෝලි ලකුණු 11ටත් පිටියෙන් ඉවත් කරන්නට හැකි විය.නමුත් රෝහිත් ෂර්මා (60),සුරේස් රයිනා (44),නායක දෝනි (27 ) මෙන්ම දිනේෂ් කාර්තික්(23 )දැක්වූ දායකත්වයද එක කර ඉන්දීය ඉණිම ලකුණු 229 දක්වා රැගෙන ගිය අතර අවසාන පන්දු 8 තුළ ලකුණු 17 ක සබදතාවයකට දැයක වෙමින් ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් පන්දු 5 කින් ලකුණු 11 ක් ලබා දීමත් නිසා ඉන්දීය ඉණිම පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 7 ට ලකුණු 229 ක් විය.
පන්දුවෙන් දස්කම් දැක් වූ කැමර් රොච් සහ ඩැරන් සාමි ලකුණු 41 බැගින් ලබා දී කඩුලු 2 බැගින් ලැබූ අතර ටිනෝ බෙස්ට් ලකුණු 51 ට කඩුලු 2 ක් දවා ලීය.ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය.http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597924.html
www.supirikrida.com
No comments:
Post a Comment