කලක පටන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ විධායක සාමාජිකයෙකුව සිටි ප්‍රේමා පින්නවල හරහා ශ්‍රී ලංකාවද මෙම නිලවරණයේදී බ්‍රිගේඩියර් ජෙනරාල්වරයාට සහය දැක් වූ අතර එවැනි වට පිටාවක ආසියානු මලල ක්‍රීඩා සංගමයේ බලය පිළිබද තීරණාත්මක සාධකයක් වන ප්‍රේමා පින්නවල උපායශීලීව නිලවරණයෙන් පරාජයට පත් කරන්නට පිරිසක් කටයුතු කිරීම නිසා මෙවර එම නියෝජනය ශ්‍රී ලංකාවට අහිමි විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරුන් වන ජීඑල්එස් පෙරේරා සහ සුසන්තිකා ජයසිංහ ද ආසියානු මලල ක්‍රීඩා සංගම් නිලවරණයේ දී උප කිමිටු දෙකකට නිලවරණයකින් තොරවම පත් වී ඇති බව පූනේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. එසේම ශ්‍රී ලාංකිකයෙකු වන 50 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි සුපිරි වීසිකිරීම් ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පදවිය ඇතුළු විවිධ පරිපාලන තනතුරු හොබවා ඇති රංජිත් වීරසේනද ජීවිත කාලයටම හිමිවන ගෞරවණිය ආසියානු මලල ක්‍රීඩා සාමාජිකත්වය සමගින් ඉදිරි වසර 4 සදහා ක්‍රියාත්මක වන ආසියාතික මලල ක්‍රීඩා සජගමයේ නිල මඩුල්ලේ රැදී සිටිනු ඇත.
පහත දැක්වෙන්නේ ආසියාතික මලල ක්‍රීඩා සංගමයේනව විධායක කමිටුව පෙණෙන සබදතාවයය.එම දිගුව ඔස්සේ නිලධාරි මණිඩලයට පිවිසීමට හැකිය.
http://athleticsasia.org/aaacouncil.php
www.supirikrida.com
No comments:
Post a Comment