ඉෂාන් |
බස්නාහිර ග්‍රීන් කණ්ඩායම කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට කදුරට මෙරූන්ස් කණ්ඩායමට පැවරූ අතර බස්නාහිර කණ්ඩායම සිය තීරණයේ නිවැරදි බව පැහැදිළි කරමින් කදුරට ක්‍රීඩකයෝ ලකුණු 124 ට සීමා කරන්නට සමත් විය.නමුත් අත්දැකීම් බහුල සංගක්කාරගේ සහයද සමග කණ්ඩායමට නායකත්වය දුන් ලහිරු තිරිමාන්න එම ලකුණු ප්‍රමාණය රැක ගැනීම වෙනුවෙන් සාර්තක තරග රටාවක් දියත් කළ අතර එහිදී ෂෙහාන් ජයසූරිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 ට කඩුලු 3 ක් සහ කෞෂාල් ලොකුආරච්චි ලකුණු 25 ට කඩුලු 3 ක් දවමින් කදුරට ජයග්‍රහණයට අවශ්‍යය පදනම සකස් කර දුන්නේය.
මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් තරගයේ අවසාන භාගයේදී කිත්රුවන් විතානගේ (නොදැවී 37) සහ ඉසුරු උදාන (24) බස්නාහිර කණ්ඩායම වෙත ජයග්‍රහණය ගෙ ඒම සදහා විශාල උත්සාහයක් ගනු ලැබූව ද,අවසාන මොහොතේදී එව ව්‍යර්ථ කරමින් කදුරට කණ්ඩායම ලකුණු 2 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.http://www.espncricinfo.com/ci/engine/match/659515.html යන සබදතාවයෙන් එම තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
රුහුණ රෙඩ් සහ උතුර යෙලෝ අතර තරගයේදී කාසියේ වාසිය දිනූ ලසිත් මාලිංග බස්නාහිර නායකයා ගත් තීරණය නොගත් අතර සිය රුහුණු කණ්ඩායමේ පිතිකරුවන් පිළිබදව විශ්වාසය තබමින් පන්දුවට පහර දීමට තීරණය කළේය.සෑම පිතිකරුවෙක්ම පාහේ සිය වගකීම ඉටු කළ අතර පිතිකරණ නාමාවලියේ ඉහළට එමින් ෆර්විස් මහරූෆ් මෙන්ම සීකුගේ ප්‍රසන්න ද එල්ල කළ කඩිනම් ප්‍රහාර නිසා රුහුණ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 162 ක් ලබන්නට හැකියාව ලැබිණ.
මෙම ලකුණු සංඛයාව පහසුවෙන් හඹා යා හැකි ඉලක්කයක් බව පැහැදිළි කරන පිතිහරඹයක යෙදි දිනේෂ් චන්දිමාල් 50 (පන්දු 40),මහේල ජයවර්ධන 36 (පන්දු 18) මහේල උඩවත්ත 34 (පන්දු 33) පිතිකරණ නාමාවලියේ පළමු අංක තුන වෙනුවෙන් පන්දු 91 ) දී (ඕවර් 15.1) ලකුණු 120 ක් ලබා දුන්නද සෙසු කිසිදු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ සීමාවට හෝ පිවිසීමට නොහැකි වූ නිසා පන්දු ඕවර් 19.4 දි උතුර කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 141 ක් පමණි.පන්දු යැවීමේදී දිනයේ හොදම පන්දු යැවීම වාර්ත කළ ඉශාන් ජයරත්න ලකුණු 23 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.http://www.espncricinfo.com/ci/engine/match/659517.html තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment