![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgu8UBcukRnKimsU9vMlafGwtPTvkFnO1Xu8ltLb8i5nsq483lsl-Xv191CE6o9p4ntve9x1QCmLcne334Oafjuymx940hHYitS4FTOLSy-FKNR12biL_WDXJcyqo3gMrZvnszxk6VzCFQ/s320/Volly-ball.jpg)
දෙවන වටයේදී දැඩිව තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ජනිත සුරත්,කේසල හිරණ්‍ය මෙන්ම පන්දු සකසන නිලංග සංජය ප්‍රමුඛව දක්වන දක්ෂතා නිසා ලකුණු 21 වන තෙක්ම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර එම වටයේ පළමු සහ දෙවන තාක්ෂණික කෙටි විවේක වලදී ද ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමය.නමුත් ලකුණු 21 - 15 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින විට දැල ආවරණයට ඉන්දීය ක්‍රීඩකයෙකු අලුතෙන් යෙද වූ අතර ඔහු සාර්ථක වෙද්දී ඒ සමාන ශ්‍රී ලංකාවේ දක්ෂතම දැල ආවරණය කරන්නා සහ කෙටි පන්දු ප්‍රහාරකයා වන හිරණය කේසල පිටියෙන් ඉවත් කර තැබීමට කණ්ඩායමේ පුහුණුකරුවා පියවර ගත්තේය.ඒ සමගම ඉන්දීය කණ්ඩායම තරගය ගලා ගිය රිද්මය යම් මන්දගාමී තත්ත්වයකට පෙරලා ගැනීමට සමත් වූ අතර පිට පිටම පන්දු ලබා ගැනීම් අසාර්තක වූ අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ පරාජය වී සිටි ඉන්දියාව ලකුණු 28 26 ලෙස තතරග වටය ජය ගැනීමය.
තරගයේ තෙවන වටයේදී ඉන්දියාව වැඩි විශ්වාසයකින් කටයුතු කරමින් ශ්‍රී ලංකාව ලකුණු 19 රැදී සිටියදී තරගයේ ජය අත් කර ගන්නට සමත් වූ අතර ඉන්දියාවේ එම ජයග්‍රහණයත් සමග ඔවුන් අපරාජිතවත් ඔවුන්ට පමණක් පරාජය වූ පකිස්තානයත් ඊ ළග වටය සදහා සුදුස්සෝ වූහ.
ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයන්ට විවේචන වලින් තොරව ජාතික කණ්ඩායමෙන් ගෞරවණීය ලෙස ඉවත්ව යාමට කාලය එළැඹ තිබෙන බව පැහැදිළි වූ අතර එසේම පුහුණුකරු අවස්ථාණූකූලව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තව දුරටත් විශාල අධ්‍යයනයක් ලැබිය යුතුය.
මේ අතර මාල දිවයින සහ පකිස්තානය අතර තරගයෙන්,පකිස්තානය ලකුණු 25 - 13,25 -19 සහ 25 - 20 කි ලෙස ඩය ගැනීමට සමත් වූහ.
www.supirikrida.com
No comments:
Post a Comment