Oct 11, 2013

දැල් පන්දු පිටියට පාත් වෙන්න ගිය මව් යානය යාන්ත්‍රික දෝෂ හදුනා ගැනීමෙන් පසු පිටතට

සුපිරි ක්‍රීඩා ‍විසින් හදුන්වා දෙන්නට යෙදුණ සිය දියණියගේ ක්‍රීඩක අවස්ථාව වෙනුවට තමාට පුහුණුකාර ධුරය දිනා ගන්නට දැරූ තැනත්තියට එම තනතුර දීමෙන් වැළකි සිටීම දැල්පන්දු පරිපාලනයේ තීරණය වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අමාත්‍යවරයාටද කරුනු දැක්වීමෙන් පසුව සුපිරික්‍රීඩා මගින් හෙළි කළ තොරතොරුද සැළකිල්ලට ගෙන මෙම තීරණයට එලැඹෙන්නට සිදු වී ඇති බවත් ඒ සදහා සෘජු මතයක පිහිටා කටයුතු කරමින් අතීතයේ කරුණු පවා සැළකිල්ලට ගනිමින් එම තීරණය වෙනුවෙන් දැල් පන්දු සභාපතිණිය විශාල අරගලයක් කර තිබෙන බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තාවේ.
ලාංකේය දැල් පන්දු අනාගතයට විශාල වටිනාකමක් ඇති ක්‍රීඩිකාවක වන දියණියගෙන් කන්ඩායමෙන් ඉවත්වන බවට ලිපියක් පරිපාලනයට ලබා දෙමින් නේෂන් කුසලාන තරගාවලියේ පුහුණුකාර ධුරය දිනා ගන්නට උත්සාහ කළ එම පුහුණුකාරිය, හිතවත් හිටපු නිලධාරිණියක් මෙන්ම යළිත් ක්‍රීඩක භූමිකාවට ප්‍රවේශ වීමට උතසාහ දරණ අයෙක් සමග එක්ව මඩ ප්‍රචාරයක් දියත් කරන්නට උත්සාහ දරමින් සිටින බව ද සුපිරික්‍රීඩා වෙත අනාවරණය කර ගන්නට හැකි විය.මෙම පුහුණුකාරිය වෙනුවෙන් මෙන්ම එම ක්‍රීඩිකාව වෙනුවෙන් ද සාධාරනය දිනා දීමට පෑන මෙහෙයවා ඇති අපේ ඉතිහාසයේ දී ඒවා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි අයුරින්ම ඔවුන් අතින් ක්‍රීඩාවට වරදක් වෙන්නට යන විටද එරෙහිව මාධ්‍යය මෙහෙයවීම අපේ මාධ්‍ය සම්ප්‍රදාය වන්නේය.
රටේ දැල්පන්දු ක්‍රීඩාවේ වර්ථමාන ශෝචණිය තත්ත්වය ඇති කිරීමට ‍ඉහත සදහන් ක්‍රීඩිකා හිටපු නිලධාරිණිය මෙන්ම,අසාර්ථක වූ පුහුණු අපේක්ෂිකාවද ඔවුන් වෙනුවෙන් අවස්ථා දිනා දීම වෙනුවෙන් මැදිහත් වීමට සිය ගෞරවණිය ඉතිහාසය ‍යොදවන වයොවෘද්ධ තේරුම් කමිටු සාමාජිකාවද වගකිව යුතු අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික කුසලානයකදි ලද ඉහළම ජය සදහා මෙහෙය වූ පුහුණුකාරියට එම තනතුරට පත් වීමට නොහැකි ලෙස පිඹුරුපත් සකස් කරමින් දිනා ගත් ජය අහිමි කිරිමට කටයුතු කිරීම පිළිබදව මෙම තිදෙනාම විශාල දායකත්වයක් දැක් වීය.
මේ වන විට ද එම තුන් කට්ටුව අදාළ තැනත්තියට පුහුණුකරු ධුරය අහිමි කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බවට සභාපතිණියට එරෙහිව දැල් පන්දු ක්‍රීඩාව හා සබැදි භාහිර පිරිසක් එක් කර ගනිමින් ප්‍රචාරයක් කර ගෙන යාමට සැළසුම් සකස් කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා විය.ඒ පිලිබදව දැල් පන්දු කේෂ්ත්‍රයේ සහ ක්‍රීඩා කේෂ්ත්‍රයේද විශාල කතිකාවක් ඊයේම ඇති වූ අතර එවැනි තත්ත්වයකදී දැල් පන්දුවට ඇති අනුග්‍රහය අහිමි වීමට ඇති ඉඩ මෙන්ම,සභාපතිණිය තනතුර හැර යාමේ අවධානමද සාකච්ඡාවට බදුන් විය.
එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයේ ප්‍රචාරයක් ඇති වන්නේනම් ඊට එරෙහිව විශාල පිරිසක් එක්ව කටයුතු කිරීමටත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමට මූලික වන පිරිසට ජීවිත කාලයටම බලපාන පරිදි දැල් පන්දුවට සම්බන්ධ වීම වැළක්වීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා ද දැනුවත් කිරීමට එම පිරිස අතර එකගතාවයක් ඇති විය.
එහිදි වි‍රෝධයට එක් විය හැකි පරිස් ,කළ කී දෑ සියල්ලෙන් ප්‍රසිද්ධ චෝදනා හැටියට ගත හැකි සාක්ෂි එම පිරිස සොයා ගෙන තිබෙන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එසේම සිය අවශ්‍යයතාවය සහ ප්‍රචාරය සහ වර්ණනා වෙනුවෙන් තම ආයතන ගත සහෝදර ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ජිවිත වටිනාකම් ද පාවා දුන් අයද ඉදිරියේදී සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට පිරිසක් මේ වෙනුවෙන් අදාළ තොරතොරු ඊයේ සිටම එක් රැස් කර ගන්නට පටන් ගෙන ඇත.එහිදී පුහුනුකාරිණියන් මෙන්ම වර්ථමානයේද ක්‍රීඩාවට ක්‍රීඩා කිරීම සදහා නැවත එක් වී සිටින අයද සම්බන්ධ වී තිබෙන බවට තොරතොරු පිළිබද විශේෂ සැලකිල්ලක් යොමු වී ඇත.
මේ අතර සිය දියනියගේ වටිනා අවස්ථාව අහිමි කර එයින් තමන්ට වැඩක් කර ගන්නට උත්සාහ කළ  පුහුණුකාරියට මාතෘත්වයේ වටිනාකම අවබෝධ කර ගත හැකි  සහ රට වෙනුවෙන් යමක් කිරීමේ වටිනාකම තේරුම් ගැනීමට හැකි තීරණයක් ලබා දෙමින් දැල් පන්දු පරිපාලනය ගෙන ඇති ක්‍රියාමාර්ගයද මේ මොහොතේඉතාමත් වැදගත්ය.
face book වැනි සමාජ ජාල තුළ වර්ථමානයේ පවතින දැල්පන්දුවේ නීච හැසිරීම් පිළිබද හෙළිදරව් සම්බන්ධයෙන් හිටපු නායිකාවක වන ගයත්‍රී ලංකාතිලක වැනි ක්‍රීඩිකාවන්ද,හිටපු තේරීම් කමිටු සාමාජිකාවන් මෙන්ම පුහුණුකාරියන්ද පළ කරන අදහස් වලින් ගම්‍ය වන ආකාරයටද සුපිරික්‍රීඩා විසින් දැල්පන්දු යාන්ත්‍රණය පිළිබද දක්වන අදහස් මෙන්ම ඒ සදහා බලපාන දේශපාලන මැදිහත්වීම් සහ පෙළඹවීම්ද නිවැරදි බව තහවරු වන බවද ඒ පිළිබද අවධානයෙන් සිටින්නන්ට පැහැදිළි කර ගැනීම අපහසු නැත.
www.supirikrida.com

No comments: