Jan 19, 2012

මුහුණු මාරුවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වීම හේතු කර ගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුහුණු මාරු කිරීමට නව ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.ඒ අනුව වත්මන් ගැටළුකාරී තත්ත්වයන්ට වගකිව යුතු දුලිප් මෙණ්ඩිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට මීට පෙර තේරීම් සම්බන්ධයෙන් බරපතල විවේචන වලට ලක් වූ හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙකු වන අසන්ත ද මෙල් ට ප්‍රධානත්වය පවරන තේරීම් කමිටුවක් පත් කිරීමට නව ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

ක්‍රිකට් තේරීම මෙන්ම රාජකාරී ජීවිතයේ ද අතිශයින් විවේචනයට සහ දෝශ දර්ශනයට ලක් වූ පුද්ගලයෙකු යළි ක්‍රිකට් තේරීම් කමිටුවට ගෙන ඒම පිළිබදව ක්‍රිකට් කේෂ්ත්‍රයේ වැඩි දෙනෙකුගේ කැමැත්තක් නැති බව වාර්තා වන අතර ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමාන තේරීම් අසාර්ථක වීම දක්ෂතා සදහා නිසි ඇගයීම නොලැබීම නම් පත්වන තේරීම් කමිටුව යටතේ වෙනත් ආකාරයකින් එයම ක්‍රියාවට නැගෙනු ඇතැයි බොහෝ දෙනෙකු සැක පහළ කරයි.
කලෙක පටන් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මාරුවෙන් මාරුවට ක්‍රිකට් තේරීම් කමිටුව සදහා පත් වීම සාමාන්‍යය සිදුවීමක් වී ඇති අතර ඒ කිහිපදෙනා හැරෙන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වෙනත් ක්‍රීඩකයන් පිළිබදව අවධානය යොමු කර අලුත් මුහුණු සහිත තේරීම් කමිටුවක් පත් නොවීම ක්‍රීඩාවේ ප්‍රගමනයට විශාල හානියක් බව ද බොහෝ දෙනාගේ අදහස වී ඇත.


No comments: