ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ මෑත කාලීන පසුබෑම වෙනස් කිරීම සදහා මෙම සංචාරයෙන් පසුව කණ්ඩායම
සම්බන්ධයෙන් වෙනස් කම් කිහිපයක් කිරිම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු
වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එය ක්‍රීඩක වෙනස්වීම් වලට සීමා නොවුණු
කණ්ඩායමේ වෙනත් වගකීම් පැවරි නිලධාරීන් සම්බන්ධයෙන් ද සිදු වන වෙනස් වීමක් විය
හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එම ආරංචි මාර්ග පෙන්වා
දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පෞද්ගලිකව මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය අවධානය යොමු
කර ඇති බවත් දක්ෂතා මෙන්ම ක්‍රීඩකයන් කණ්ඩායම වෙනුවෙන් දක්වන කණ්ඩායම් හැගිමත් සිය
අවධානයට ලක් කරමින් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී බලපානු ඇති බවය.නව ක්‍රිකට්
පරිපාලනයට ද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් සහ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
දිනෙන් දින පහල වැටීම නවතාලීම සදහා අවශ්‍යය පියවර ගැනීම කෙරෙහි ඉදිරි දින කිහිපයේ
දී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා
දෙන්නේය.
No comments:
Post a Comment