ඒසී මිලාන් කණ්ඩායම නියෝජනය කරන ඝානා ජාතික කෙවින් ප්‍රින්ස් බූටින්ග් ඉන්ටර් මිලාන් සහ ඒසී මිලාන් කණ්ඩායම් අතරේ පැවති තරගයක දී වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වීම හේතු කරගෙන සති හතරක් විවේක ගන්වා ඇත.ඒසී මිලාන් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන ක්‍රීඩකයෙකු වන 24 හැවිරිදි බූටින්ග් පසුගිය වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානයට ද යෝජනා විය.
බූටින්ග් ගේ අඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ඒසී මිලාන් පුහුණුකරු මැසිමිලියානෝ ඇලෙග්‍රී සදහන් කර සිටියේ බූටින්ග් එලැඹෙන පෙබරවාරි 26 දා පැවත්වෙන ජුවෙන්ටාස් සමග වන පාපන්දු තරගයට ක්‍රිඩා කිරීම සදහා සුවය ලබන බව තමා විශ්වාස කරන බවයි.
www.supirikrida.com
No comments:
Post a Comment