Jan 18, 2012

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට ඩක්වර්ත් ලුවිස් හරහට හිටියි

ප්ලෙසිස්

රග පහකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන සිටි දකුණු අප්‍රිකාවට අභියෝගයක් ලබා දි නැවත තරගාවලියට ප්‍රවේශ වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ ඩක්වර්ත් ලුවිස් න්‍යාය විවාත මුහුණුවරක් ගෙන තිබූ තරගයේ තීරණය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් නිමාවට පත් කළේය.තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම 34 වන ඕවරය නිමාවට පත් වන විට ලබා සිටි ලකුණු 179 ඒ අනුව ඔවුන්ට ලකුණු 4 ක ජයක් ලබා දෙන්නට ප්‍රමාණවත් විය.
තරගයේ කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකිම සහ දුවද්දී දවා ගැනීම් හමුවේ නියමිත පන්දු වාර 50 කඩුලු 9 ට ලකුණු 266 ක් ලබා නිමා කළේය.එහිදී උපුල් තරංග ලකුණු 58 ක් රැස් කළ අතර ඔහු සහ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට පන්දු වාර 18.3 ක් තුළ ලකුණු 94 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඩිල්ෂාන් ඉතා විශ්වාසදායක පහරදීමක නිරත වුව ද ඩේන් ස්ටෙයින් ගේ අති විශිෂ්ඨ පන්දු රැකීම ඩිල්ෂාන් ගේ ඉණිම ලකුණු 33 දී අත් හිටුවාලීය.කුමාර සංගක්කාර පන්දු 37 දි ලබා ගත් ලකුණු 38 මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරිමට පිතිකරණ නාමාවලියේ උසස් වීමක් ලද නුවන් කුලසේකර පන්දු 38 දී ලද ලකුණු 40 ත් වාරු කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 සටන්කාමි ලකුණු 266 කින් නිමා කරන්නට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි දකුණු අප්‍රිකාවට සිය පළමු කඩුලු 3 ලකුණු 52 ක් තුළ අහිමි කර ගන්නට සිදු වූයේ ලසිත් මාලිංග ගේ (20/2) සහ ඩිල්ෂාන් ගේ (22/1) පන්දු යැවීම ඉදිරියේ ය.එතැනි සිට පිටියේ එක් වූ ෆැෆ් ඩු ප්ලෙසිස් (72) සහ ජීන්- පෝල් ඩුමිනි (25 ) සිවිවන කඩුල්ලට ලකුණු 61 ක සබදතාවයක් පැවත් වූ අතර පස්වන කඩුල්ල සදහා ප්ලෙසිස් සමග එක් වූ නායක ඒබී ඩිවිලියර්ස් (නොදැවී 39) තවත් ලකුණු 34 ක සබදතාවයක් ද පවත්වමින් දකුණු අප්‍රිකාව වේගවත් ලකුණු ලබා ගැනීමකට ප්‍රවේශ කරන්නට සමත් විය.ප්ලෙසිස් ඇන්ජලෝ මැතිව්ස් සහ සංගක්කාර එක්ව ද ඩුමිනි නුවන් කුලසේකර කඩුල්ලට එල්ල කළ සෘජු පන්දු ප්‍රහාරයකින් ද දුවද්දී දැවී යාමත් සමග තරගය නවතන තෙක්ම පන්දු ඕවර 50 පවත්වා ගෙන ගියේනම් ශ්‍රී ලංකාවට ජයගත හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබිණ.
නමුත් තිලකරත්න ඩිල්ෂාන් ට පිට පිටම සිය නායකත්වය යටතේ අත් විදින්නට සිදුවූ සිව්වන එක්දින තරගාවලියට මාර්ගය විවෘත කළ කාලගුණය තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය දක්වා රැගෙන ගිය අතර එහි ප්‍රතිපලයක් ලෙස ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් තිබූ තරගය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් අවසන් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපුමෙන් පිවිසිය හැකිය.


No comments: