Jan 18, 2012

කෙන්යාව මැරතන් සංචිතය නම් කරයි

මැකාවු

එඩ්නා
මැරතන් ධාවනයේ ඉහළ දක්ෂතා දක්වන කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා ක්‍රීඩකයන් හය දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇතුළත් මැරතන් සංචිතයක් නම් කිරිමට කෙන්යානු මලල ක්‍රීඩා බලධාරින් පියවර ගෙන ඇත.එහිදි පිරිමි අංශයේ ප්‍රමුඛත්වය ඉකුත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලි මැරතන් තරගය ජය ගත් ප්‍රැට්ට්‍රික් මැකාවු ට හිමි වී ඇති අතර කාන්තා අංශයේ ප්‍රමුඛත්වය එම තරගාවලියේ කාන්තා මැරතන් තරගය ජයගත් එඩ්නා කිප්ලගාට් ට හිමි වී ඇත.


එම්මානුවෙල්

කිරුයි


මෝසස්

ජෙෆ්රි

කිප්සෑන්ග්



පිරිමි අංශයෙන් මෙම සංචිතයට බොස්ටන් සහ නිව්යෝර්ක් මැරතන් තරග ජය ගත් ජෙ‍ෆ්රි මුතායි,ජගත් තරගාවලියන් හි ද්විත්ව රන් පදක්කම් ලාභි ඇබෙල් කිරුයි,චිකාගෝ මැරතන් තරගය ජයගත් මෝසස් මොසොප්,ෆ්‍රැන්ක්ෆර්ට් ජයග්‍රාහකයා වන විල්සන් කිප්සෑන්ග් සහ ජගත් මැරතන් බිමේ කිරුළ හිමි එම්මානුවෙල් මුතායි ද මෙම සංචිතයට ඇතුළත් වී ඇත.

ෆලොරන්ස්

ජෙෆ්ටූ

ලීඩියා
සැරොන්

මේරි


කාන්තා අංශයෙන් එඩ්නාට අමතරව ඇය ජයගත් ලෝක සූරතා මැරතන් තරගයේ දෙවන ස්තානය දිනූ ප්‍රිස්කා ජෙෆ්ටූ,තෙවන ස්ථානය දිනූ සැරොන් චෙරොප්,ලන්ඩන් තරගය ජයගත් මේරි කෙයිටනී,බර්ලින් තරගයේ ජයග්‍රාහිකාව වූ ෆ්ලොරන්ස් කිප්ලගාට් ඇතුළත් වී ඇති අතර සියල්ලන් විශ්මයට පත් කරමින් සිය දක්ෂතා නිසි ලෙස නඩත්තු කරමින් තරුණ ක්‍රීඩිකාවන්ට අභියෝගයක් එල්ල කරන ප්‍රවීන ක්‍රීඩිකා ලීඩියා කෙරෙමෙයි ද මෙම සංචිතයට ඇතුලත් ව සිටින්නීය. 

No comments: