Jan 19, 2012

දුලිප් ලා හැලෙයි දොන් ඇලෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමාන පසුබෑම සහ ඒ සදහා ක්‍රිකට් තේරිම් වල බලපෑම ද සැළකිල්ලට ගෙන අසන්ත ද මෙල් ගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් නම් කළ ද ඒ සදහා හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයෙකුව සිට දොන් අනුරසිරි ද ඇතුළත් කර තිබීම හාස්‍යයට කරුණක් බව ක්‍රිකට් විචාරකයන් ගේ මතය වි ඇත.දුලිප් මේණ්ඩිස් ප්‍රධානත්වය දැරූ තේරීම් කමිටුව වත්මන් ක්‍රිකට් පසුබෑම පිළිබද වගකිව යුතු වන්නේ නම් එහි සාමාජිකයෙකුව සිටි දොන් අනුරසිරි ඒ සදහා සුදුසු විම ගැටළුවට කරුණක් බව ඔවුන් ගේ මතය වී ඇත.

ටෙස්ට් තරග 18 ට සහ එක්දින තරග 45 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති 45 හැවිරිදි දොන් අනුරසිරි ක්‍රීඩකයෙකුට වඩා තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස විදේශ සංචාර සදහා එක් වී ඇති අතර එසේ විදේශ ගත වීම සම්බන්ධයෙන් මෙන්ම,ක්‍රිකට් තේරීම සම්බන්ධයෙන් ව විශමාචාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැඩි විවේචනයකට ලක් වු අයෙකු වුව ද ඔහු වසර ගණනාවක් කුමන තේරීම් කමිටුවක් පත් වුව ද එහි සාමාජිකත්වය දැරීමේ භාග්‍යවන්තයෙකු වී ඇත.මේ වන විට දැඩි විවේචනයට ලක් වෙමින් සිටින තේරිම් කමිටුවේ ඉවත් කිරීමේ දී ද දොන් අනුරසිරි ගේ නම ඊට ඈදි තිබීම විමතියට කරුණක් වුව ද ඔහු කුමන හෝ බලපෑමක් මත යළිත් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් වන්නට භාග්‍යවන්තයෙකු වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ක්‍රිකට් පරිපාලනයට පාලනය කළ නොහැකි බලවේගයක් හරහා ඔහු ට කුමන වරදක් වූව ද දිගින් දිගටම ක්‍රිකට් තේරීම් කමිටුවේ රැදී සිටින්නට හැකියාව ලැබෙන්නේ දැයි සැක පහළ වන අතර නව තේරීම් කමිටු සභාපතිවරයා ද නම් දැරූ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන සමයක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් නිවැරදිව නොකළ බවට චෝදනා එල්ල වූ සහ රාජකාරිමය වශයෙන් පැවරි වෙනත් වගකිම් වලදී ද දැඩි දෝශ දර්ශනයට ලක් වූ අයෙක් වීම පිළිබදව ද ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක් වෙමින් ඇත.

මේ පත් කිරිම් සිදුවන බවට පළ කළ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලෙස ඔහු ගේ මාධ්‍ය ලේකම්වරයා අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ද අද පස්වරුව වනවිට මාධ්‍ය වාර්තා කී ආකාරයටම අසන්ත ද මෙල් ගේ නායකත්වයෙන් යුත් තේරීම් කමිටුවක් පත් කරන්නට යෙදුණේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශය පතයට ක්‍රිකට් අදාළ නොවන විශයක් ද යන්න පිළිබදව සැක උපදවමින් ය.

No comments: