Jan 15, 2012

විලී ,නිලූකට වැට බදියි

                                                                        විලී ලෑන්ග්



ර්ධ අවසන් පූර්ව තරගයේ දී පැය 1:17 ක කාලයක් දියත් වූ සටනින් පසුව ඊශ්‍රයාලයේ මීසා සිල්බර්මන් පැරද වූ නිලූක කරුණාරත්නට, එම වෙහෙසත් සමග මුහුණ දුන් අවසන් පූර්ව තරගයේ දී ලොව 42 වැන්නා ලෙස ජගත් ශ්‍රේණිගත කිරීම් වල පසුවන පින්ලන්තයේ විලි ලෑන්ග් අතින් ලද පරාජය නිසා එස්තෝනියාවේ පැවත්වෙන යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ අවසන් තරගයට පිවිසීමට තිබූ බලාපොරොත්තු අතහැර දමන්නට සිදුවිය.
මීසා සහ නිලූක අතර පැවති තරගයෙදී නිලූක වට 2-1 ක් ලෙස ජයගත් අතර මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම කාලයක් වැය වූ තරගය එය විය.මීසා ප්‍රථම වටය ලකුණු 21 -17 ක් ලෙස ජයගත් අතර නිලූක ඉතිරි වට දෙක ලකුණු 21-19 සහ ලකුණු 21-11 ක් ලෙස ජය ගත්තේය.විනාඩි 39 ක් ගත වූ විලි ලෑන්ග් අතර පැවති තරගයේ දී නිලූක පරායට පත් වූයේ 7 – 21 සහ 11 – 21 ලෙස ය.වර්ථමානයේ ලොව 42 වන ස්ථානයේ පසුවන විලී ලෑන්ග් මීට පෙර 32 වන ස්ථානයේ පසු වී ඇති අතර මෙම තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර අංක 1 ට සිටි ක්‍රීඩකයාද වන්නේය.
අද විලි හා අවසාන තරගයට තරග වදින්නේ තරගාවලියේ සත්කාරකත්වය දරන එස්තෝනියාව නියෝජනය කරන රාවුල් මස්ට් ය.
නිලූක කෙසේ හෝ මෙම තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසීම හේතුකර ගෙන ජගත් ශ්‍රේණිගත කිරීම් වල තව දුරටත් ඉදිරියට එනු ඇත.මෙම තරගාවලියට මැක්ලරන්ස් ආයතනයෙන් එහි වෙළද තානාපති ලෙස කටයුතු කරන නිලූකට ලැබෙන අනුග්‍රාකත්වයේ ශක්තිය හැරෙන්නට කිසිදු සහයක් ලැබෙන බවක් දක්නට නැත.පුහුණුකරුවෙක් භෞත චිකිත්සකයෙක් හො වෙනත් කිසිවෙක් නැතිව මෙම ජාත්‍යන්තර තරගවලට හුදෙකලාව සහභාගි වන එකම ක්‍රීඩකයා වන නිලූක රට වෙනුවෙන් ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමට දරන මෙම වෑයමට රටේ ක්‍රීඩාව බාර බලධාරීත්වයෙන් මීට වඩා සහයක් ලැබෙන්නේ නම් නිලූකට මීට වඩා ජාත්‍යන්තර කීර්තියක් ශ්‍රී ලංකාවට අත්කර දීමේ හැකියාවක් ඇති බව පැහැදිළිය.
ජාත්‍යන්තර තරගාවලියකට හුදෙකලාව සහභාගි වී රටට කීර්තියක් දිනා දෙමින් ආපසු මව්බිමට පැමිණෙද්දී ඔහු පිළිගැනීමට ගුවන් තොටුපළට යාමට වඩා කාර්යයක් එම ක්‍රීඩාවේ පරිපාලනයට තිබෙන බව සුපිරික්‍රීඩා මතක් කර දෙනු කැමැත්තෙමු.අවම වශයෙන් තරගාවලියට සහභාගි වන ඔහු වෙනුවෙන් භෞත චිකිත්සකයෙකු හෝ ලබා දීමට ඔවුන් පියවර ගත යුතු බව අපි විශ්වාස කරන අතර එස්තෝනියා තරගයේ දී පැය 1:17 ක තරගයකින් පසුව පැය තුනක් ඇතුළත ඊ ළග තරගයට සූදානම් කිරීමට එවැනි වට පිටාවක අවශ්‍යයතාවය පරිපාලනයේ ක්‍රීඩා කළ අයෙකු සිටින්නේ නම් අමුතුවෙන් පැහැදිළි කර දිය යුතු නැත.
එවැනි තත්ත්වයක  නිලූක අවසාන පූර්ව තරගයද විනාඩි 39 ක කාලයක් පවත්වා ගෙන යමින් දස්කම් දැක්වීම වඩාත් අගය කළ යුතු වන්නේය. 

No comments: