Jan 17, 2012

සිල්කි ගෙන් මේ වසරේ හොදම පිම්ම


ව ජර්මන් ගෘහස්ථ රිටි පැනීමේ ජාතික වාර්තාවක් තබමින් ඉකුත් 15 දා ලෙවර්කුසෙන් හී පැවති නෝර්ඩ්හෙන් ප්‍රාදේශීය ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ රිටී පැනීමේ ඉසව්ව ජය ගන්නට සිල්කි සිල්කි ස්පිගෙල්බර්ග් සමත් වූවා ය.ඇය එහිදී වාර්තා කළ මීටර් 4.77 ක උස මේ වසරේ ගෘහස්ථ තරගාවලියක මෙන්ම එළිමහන් ක්‍රීඩා තරගයකදී ද වාර්තා වූ හොදම කාන්තා රිටී පැනීමේ දක්ෂතාවය වන්නේය.
එළිමහන් ක්‍රීඩා තරගයක හොදම දක්ෂතාවය ලෙස මීටර් 4.75 ක දක්ෂතාවයක් දක්වා ඇති 25 හැවිරිදි සිල්කි යුරෝපා මලල ක්‍රිඩා සූරතාවලියේ රිදී පදක්කම් දෙකක උරුමක්කාරියකි. ඊට අමතරව ඇය මලල ක්‍රීඩා ජීවිතය ආරම්භයේ දී 2001 වසරේ පැවති ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහිකාව වන්නටත් 2003 වසරේ පැවති යුරෝපා කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී රිටි පැනීමේ ඉසව්ව ජය ගන්නටත් සමත් වී ඇත.

No comments: