Jan 21, 2012

නිලූක ගෙන් කාශ්‍යප් ට පැයක තරගයක්


ස්වීඩන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන නිලූක කරුණාරත්න ජගත් ශ්‍රේණිගත කිරීම් වල 29 වන ස්ථානයේ පසුවන පාරුපිල්ලෙයි කාශ්‍යප් සමග විනාඩි 57 ක් පුරා පැවති තරගයෙන් වට 2 -1 ලෙස පරාජයට පත් විය.තරගයේ ප්‍රථම  වටය කාශ්‍යප් ට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කළ නිලූත එම වටය 21 - 12 ක් ලෙස ජය ගත්තේය.නමුත් දෙවන වටයේ දී ලකුණු 21 - 19 ක් ලෙස ද,තෙවන වටයේ දී ලකුණු 21 - 12 ක් ලෙස ද නිලූක ව පරාජය කළ පාරුපිල්ලෙයි සිය තත්ත්වය ආරක්ෂා කර ගන්නට සමත් විය.මෙම තරගාවලියේ සිටින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා පාරුපිල්ලෙයි වන අතරනිලූක උදෑසන තරගයෙන් පසුව පස්වරුවේ පාරුපිල්ලෙයි හමුවන කාලය දක්වා ප්‍රථම තරගයෙන් පසුව දෙවන තරගයට පිවිසෙන විට සම්භාහකයෙකුගේ හෝ සේවය ලබා නොගැනීම ද ඔහු ගේ පසුබෑමට සාධකයක් ලෙස දැකිය හැකිය.
පාරුපිල්ලෙයි සමග තරගයේ දී නිලූක ගේ දක්ෂතාවයන් කෙමෙන් දියව ගිය බවක් එම ප්‍රතිපලය හරහා ම දැකිය හැකි අතර ඒ තත්ත්වයට ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි තරගාවලියක දී  ලැබිය යුතු සම්භාහන සේවය,භෞත චිකිත්සක සේවය මෙන්ම පුහුණු උපදේශකත්වයක් හෝ නොමැතිව තරග වැදීම බෙහෙවින් බලපාන බව මෙරට ක්‍රීඩා බලධාරීන්ට නොවැටහීම සහ එය ලබා දීම යුතුකමක් ලෙස නොසිතීම නිලූක ගේ අභාග්‍යයකටත් වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අභාග්‍යයකි.
මේ අතර නිලූක සිය ප්‍රථම තරගයේ දී චෙකොස්ලොවේකියාවේ පීටර් කොව්කල් ලකුණු 21 - 12 ක් සහ 21 -16 ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව පරාජය කළේ විනාඩි 34 ක කාලයක් වැය කරමින්ය.

www.supirikrida.com

No comments: