Jan 16, 2012

සචිත්‍ර හෙට එක්දින පිටියට

සචිත්‍ර සේනානනායක
කාලයක් තිස්සේ දක්ෂතා දැක් වුව ද  ක්‍රිකට් බලධාරීන් ගේ නිසි අවධානය යොමු නොවුණු තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානනායක හෙට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.අජන්ත මෙණ්ඩිස් ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකාවට කැද වූ සචිත්‍ර දකුණත් පිට දග පන්දු යවන්නෙකු ලෙස දක්වන දක්ෂතාවය සළකා හෙට තරගයේ දී රංගන හේරත් වෙනුවට යෙදවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දෙවන එක්දින තරගය නිමා වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ නායක ටීඑම් ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියේ ද තරුණ ක්‍රීඩකයන් ගේ දක්ෂතා ගැන සතුටට පත් වූ බව සහ ඒ නිසාම ඊ ළග තරගයට තවත් නවකයෙකුට අවස්ථාව ලැබීමේ ඉඩක් පවතින බවය.ඩිල්ෂාන් පැවසූ එම අවස්ථාව බොහෝ විට හිමිවිය හැක්කේ සචිත්‍ර ට බව එම ආරංචි මාර්ග සනාත කරන අතර ඔහු දකුණත් පිට දග පන්දු යවන්නෙකු ලෙස දක්වන දක්ෂතා මෙන්ම අති විශිෂ්ඨ පන්දු රකින්නෙකු වීමත් ශ්‍රී ලංකා මැද ‍පෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙකු වීමත් නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔහු ගේ දායකත්වය අතිශයින් වැදගත් බවත් එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
අඩි 6 ක් උස ක්‍රීඩකයෙකු වන සචිත්‍ර කොළඹ ආනන්දය හරහා ක්‍රිකට් පිටියට පා තැබූ අතර වර්ථමානයේ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.
www.supirikrida.com

No comments: