ආසියානු මහද්වීපික වෙරළ වොලිබෝල් සූර සූරියන් තීරණය කරන සහ ලන්ඩන්
ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයක් ලෙස ද ක්‍රියාත්මක මධ්‍යම
ආසියානු කලාපීය කාන්තා සහ පිරිමි වෙරළ වොලිබෝල් තරගාවලිය 21 සහ 22 යන දෙදින තුළ
මීගමු වෙරළේ දී පැවත්වීමට විධි විධාන යොදා ඇත.20 දා පසවරු 5.30 ට ආර්ථික කටයුතු
සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙම තරගාවලිය ට ශ්‍රී ලංකාව,ඉන්දියාව,මාල
දිවයින,ඉරානය සහ කසකස්තානය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.
![]() |
ලන්ඩන් වෙරළ ඔලිම්පික් ක්‍රීඩා පිටිය |
තරගාවලිය විනෝදාත්මක අංග රැසක් ද සමග ඒ වෙනුවෙන් සකස් කළ ක්‍රීඩා පිටි දෙකක
21 දා සහ 22 දා පෙ.ව 8.30 සිට පස්වරු 5.30 දක්වා පැවත් වීමට කටයුතු යොදා ඇති අතර පැවති
දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් සූරතා මෙන්ම අනු සූරතා ද දිනා
ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හමබන්තොටට ත් වඩා තමන්ට වඩාත් හුරු
පුරුදු මීගමු වෙරළේ දී වඩාත් විශ්වාසයෙන් ක්‍රීඩා කරනු ඇතැයි යන්න වොලිබෝල්
සම්මේලනයේ විශ්වාසය වී ඇත.
ඉකුත් ඔලිමිපික් තරගාවලියේ දී සංවිධානය කරන රටට අමතරව ජගත් ශ්‍රේණිගත
කිරිම් වල මුල් ස්ථාන 23 දිනා ගන්නා කණ්ඩායම් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම්
ලබැබූව ද මෙවර එම නීතිය වෙනස් වී ඇත.ඒ අනුව ජගත් ශ්‍රේණිගත කිරිම් වලට අනුව මුල්
කණ්ඩායම් 16 ද මහද්විපික තරගාවලීන් සහ ජගත් වෙරළ වොලිබෝල් සූරතාවලිය ආශ්‍රිතව ද
කණ්ඩායම් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි වෙරල
වොලිබෝල් කණ්ඩායමකට මෙම තරගාවලියේ දස්කම් අනුව සහ මහද්විපික තරගාවලියේ දස්කම් අනුව
ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ විශාල ඉඩකඩක් තිබෙන බව වොලිබෝල්
විචාරකයන් ගේ මතය වි ඇත.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment