වීඩියෝ දර්ශණ සබදතාවයට
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාත කරමින් අවසාන මොහොතේදී කලකට අමතක නොවන උඩ පන්දුවක් රැක ගත් ටීඑම් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ ක්ලින්ට් මැකී සහ ක්ෂේවියර් ඩොරති විසින් ඕස්ට්‍රේලියාව අවසාන පූර්ව තරගය කරා කැදවා යන්නට ගත් දිරිමත් උත්සාහය ව්‍යර්ථ කර දැමීය.පැවති තරග දෙකේදීම පිතිකරුවන්ට තර්ජනයක් වන ආකාරයට පන්දුව නිසි ස්ථානයන්හී පතිත කරමින් ප්‍රතිවාදීන්ට තර්ජනය ගෙන දුන් ඩිල්ෂාන්ට වඩා,ඕස්ට්‍රේලියාවේ ඩොරති විසින් විශිෂ්ට ලෙස පන්දුව දග කැවූ තණතීරුවේ තමන් පිළිබදව විශ්වාසය තැබූ නායක ඇන්ජලෝ මැතිව්ස් ඩිල්ෂාන්ට පෙර පන්දුව සියතට ගනු ලැබුවද තීරණාත්මක මොහොතේදි පන්දුව අතට ගත් ඩිල්ෂාන් ලකුණු 41 ක් දක්වා දුර ගිය ඕස්ට්‍රේලියානු අවසාන කඩුල්ලේ සබදතාවය නිමා කර දැමීය.
කාසියේ වාසිය ලැබූ ඕස්ට්‍රේලියා නායකයා ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේ ඔවුන් අඩු ලකුණු ගණනකට දවා ගනිමින් වැඩි වේගයකින් ලකුණු රැස් කළ ශ්‍රී ලංකාව පරාජය කර අවසාන තරගයට පිවිසීමේ අදහස ඇතිවය.නමුත් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ගේ අභිප්‍රාය මොට කරමින් ලකුණු අතරට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රවීනම පිතිකරුවා වන මහේල ජයවර්ධන තමන් විශ්‍රාම ගත යුතු බවට නගන හඩවල් කලෙකට විශ්‍රාහ ගන්වමින් සංවිධානාත්මක ඉණිමක් දියත් කළේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 253 දක්වා කැදවා ගෙන යමින්ය.ලහිරු තිරිමාන්න ප්‍රහාරය සදහා අවශ්‍යය පදනම වෙනුවෙන් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රියාත්මක කළ අතර ඒ නිසා අවසාන පන්දු වාර වලදී කඩුලු මද වීමේ අවධානමෙන් මිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේගකාරී වීමට අවශ්‍යය පරිසරය හිමි විණි.
ඕවර් 9.2 දී හය වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් ලැබූ මහේල සහ දිනේෂ් චන්දිමාල් ගේ ප්‍රවේගකාරී සම්බන්ධය මෙන්ම තෙවන කඩුල්ල සදහා ඩිල්ෂාන් සහ තිරිමාන්න එක් කළ ලකුණු 72 ක සබදතාවයද ඉණිම ශක්තිමත් කළ පදනම විය.පිතිකරුවන් විසින් ලබා දුන් අභියෝගය නිසා පන්දු ඕවර් 30 ක් තුළ අවශ්‍යය ලකුණු ප්‍රමාණයට ළගා වෙමින් අවසාන පූර්ව වටයේ ප්‍රවේශය සකසා ගන්නට ඕස්ට්‍රේලියාවට සිදු වූ නිසා මුල සිටම වේගවත් වන්නට ගිය ඕස්ට්‍රේලියා ඉණිමට දිගින් දිගටම අනතුරු වලට මුහුණ දෙන්නට සිදු විය.
ලකුණු වේගය රදවා ගැනීමට ගත් උත්සාහය නිසා අනවශ්‍යය ලෙස කඩුලු අහිමි වූ ඕස්ට්‍රේලියා ලකුණු පූවරුව ලකුණු 192 ක් වෙද්දී කඩුලු 9 ක් අහිමි කර ගෙන තිබිණ.නමුත් ඒ වන විට ගෙවි තිබුණේ පන්දු ඕවර් 30.2 ක් පමණක් වූ බැවින් අවසාන පූර්ව වටය කෙසේ වෙතත් තරගය ජය ගෙන ගෞරවය රැක ගැනීමට හෝ අවසාන පිතිකරුවන් වූ මැකේ සහ ඩොරති උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට විය.ඒ දක්වා මේ තරගාවලියේ පන්දුවෙන් තීරණාත්මක මෙහෙවරක කළ ඩිල්ෂාන් කැදවා නොසිටි,මැතිවිස් මෙම සබදතාවය නිමා කිරීමට ඩිල්ෂාන් කැද වූ පසුව අවස්ථා කිහිපයකදී පිතිකරුවන් දෙදෙන අපහසුතාවයට ලක් වන අයුරු දකින්නට ලැබිණ.එහි අග්‍රපලය ලෙස මැකේ ගේ කඩුල්ල දවා ගැනිමට පන්දු යවමින් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වෙන්නට ඩිල්ෂාන් සමත් වූවේ ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක් සමග අවසාන පූර්ව වටයට පිවිසිමට ද අවකාශ සළස්වමින්ය.
එංගලන්තයට එරෙහිව ප්‍රවේගකාරී පිතිකරණයක යෙදුණ කුලසේකර ඊයේ එම වගකීම පන්දුවෙන් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූයේ ලකුණු 42 ට කඩුලු 3 ක් දවා ගනිමින්ය.එසේම ඔහු නායක ජෝජ් බේලි දුවද්දී දවා ගැනීමට දායක වෙමින් ද මිචෙල් ජොන්සන් දවා ගැනීමට උඩ පන්දුවක් රැක ගනිමින් ද පන්දු රකින අවස්ථාවේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල ශක්තියක් ලබා දුන්නේය.
තරගයේ ලකුණු විස්තරය සදහා
http://www.espncricinfo.com/icc-champions-trophy- 2013/engine/match/578625.html මෙම ලකුණු විස්තරය යොදා ගැනිමට හැකිය.
No comments:
Post a Comment