අවසන් මොහොතේදී තිසර පෙරේරා ද පන්දු 7 කින් ලකුණු 16 ක් ලබා නොදැවී සිටි අතර ශ්‍රී ලංකා ඉණිම අවසාන විට දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 320 ක දැවැන්න ලකුණු පූවරුවක් අභියෝගයක් ලෙස නැගී සිටියා.
ලකුණු 6.4 ක් පමණ වූ දළ ලකුණු වේගයක් අභියෝගයක් ලෙස ගෙන පිටියට පැමිණි දකුණු අප්‍රිකා පිතිකරුවන්ට පළමු පන්දුවෙන්ම කොලින් ඉන්ග්‍රම් ගේ කඩුල්ල අහිමි කළ ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ඉලක්කය ඉදිරියේ ශ්‍රී ලංකා පන්දු යවන්න්ගේ නැගී සිටීම සළකුණු කළා.පිත්තෙන් අවසාන මොහොතේ වේගවත් ලකුණු 17 ක් ලබා දුන් තිසර පෙරේරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගත්තා.රංගන හේරත් ලකුණු 25 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ටීඑම් ඩිල්ෂාන් තමාට කණ්ඩායමට පිත්තෙන්හෝ පිත්තනේ ලබා දීමට හැකි විශිෂ්ඨ දායකත්වය පිළිබද උදාහරණ සපයමින් ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ ඇන්ජලෝ පෙරේරා එක් වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණ ද මෙරට මෑත කාලයේ බිහි වූ සියළුම තේරීම් කමිටුවල අසම්මත කරුණාවට සහ ගෞරවයට පාත්‍ර වූ ජෙහාන් මුබාරක් එම ස්ථානය පැහැර ගෙන තිබුණා.පුහුණු තරගයේදි වඩාත් සාර්ථක වූ ඇන්ජලෝ වෙනුවට මුබාරක් තෝරා ගැනීමට එම තරගයේදී ද නායකත්වය දැරූ චන්දිමාල් මෑත කාලයේ මුබාරක් ඉක්මවා තුන් ඉරියව් දක්ෂතා දක්වා සිටින ඇන්ජලෝ පන්දු යැවීමට යොදා නොගත් අතර එ අවස්ථාව මුබාරක් ට ලබා දී තිබුණා.
එම තරගයේ සාර්ථකම පිතිකරු වූ ඇන්ජලෝ වෙනුවට මේ හේතුවෙන් මුබාරක්ට ඊයේ කණ්ඩායමේ දොරටු විවර කර දෙන්නට චන්දිමාල් ගේ සහය ද හිමි වූ අතර තේරීම් කමිටු වල මේ ක්‍රියා වලිය නිසා මුබාරක් සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන් මූ බරක් ලෙස හදුන්වන අතර මේ ආකාරයට කටයුතු කරන ක්‍රිකට් තේරීම් කමිටු ක්‍රිකට් සහ රටට බරක් වීමෙන් රටේ ක්‍රිකට් අනාගතයට වඩාත් පලදායි තේරීම් සදහා අත්දැකීම් ලබා ගන්නට ඇති අවස්ථාවන් අහිමි කරනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635653.html
www.supirikrida.com
No comments:
Post a Comment