Jan 19, 2012

ස්විඩන් බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹේ

නිලූක කරුණාරත්න
ස්වීඩන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ස්ටොල්ක්හෝම් හී ඇරඹේ.අද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වට ක්‍රියාත්මක වන අතර හෙට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.අද සිදු වීමට නියමිත ශ්‍රේණිගත කිරීම් වල දී දැනට රැදී සිටින 78 වන ස්ථානයෙන් ඉදිරියට ඒමට ඉකුත් සතියේ පැවති එස්තෝනියා ජාත්‍යන්තර තරගාවලියෙන් නිලූකට හිමි වීමට නියමිත ලකුණු 1750 ක පමණ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත් සමග හැකිවෙනු ඇතැහි විශ්වාස කළ හැකි අතර මේ වන විට 73 වන ස්ථානයේ පසුවන නෙදර්ලන්තයේ පිටර් කොවිකල් හෙට නිලූක ගේ පළමු තරගයේ ප්‍රතිවාදියා වනු ඇත.
ස්පාඥඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් (ජගත් ශ්‍රේණිගත කිරීම් වල 22 වන ස්ථානය) සහ ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් (ජගත් ශ්‍රේණිගත කිරීම්වල 30 වන ස්ථානය) මෙම තරගාවලිය නියෝජනය කරන ප්‍රබලතම ක්‍රීඩකයන් ලෙස තරගාවලියට සම්බන්ධ වර්ගිකරණයේ පිළිවෙළින් පළමු සහ දෙවන ස්ථාන වල පසු වෙයි.


No comments: