Jan 17, 2012

දොස්තර ගේ ක්‍රීඩා සැත්කම වරදියි


ක්‍රීඩා පණත සංශෝධනය කිරිමේ දී එම කටයුත්ත භාරව සිටි පිරිස අතර සිටි ප්‍රබල වෛද්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල අනවශ්‍ය ලෙස පුළුල් කරමින් විශාල පිරිසකට අසාධාරණයක් වන අන්දමින් ඇතුළත් කළ වගන්ති සම්බන්ධයෙන් වර්ථමානයේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ පිරිස් දැක් වූ විරෝධතාවය හේතු කර ගෙන එම වගන්ති ඉවත් කිරීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බව දැන ගන්නට ඇත.
එම පණත හරහා ක්‍රියාත්මක වන බලතල පත්වන ඕනෑම ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අදාළ වන අතර ඒ අනුව පුද්ගලයා අනුව ක්‍රීඩාවට ඇති විය හැකි විශාල ගැටළුකාරී තත්ත්වයන් දකින්නට ලැබෙන බවත් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ අයෙක් සුපිරි ක්‍රීඩා වෙත පෙන්වා දුන්නේය.යම් පොදු ප්‍රතිපත්තිමය රාමුවකට ලාංකේය ක්‍රීඩා පරිපාලනය රැගෙන ඒම මිස සියළු බලතල ක්‍රීඩා අමාත්‍යවරයා මත පටවා අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති මත ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෙම පණත සංශෝධනය කිරීමෙන් උත්සාහ කිරීම රටට අවශ්‍යය කරන ස්ථීර ක්‍රීඩා ප්‍රතිපත්තිය වෙනුවට පත්වන ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අවශ්‍යයතා පරිදි ක්‍රීඩාව මෙහෙයවීමට මග පෑදීම ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධියට විශාල ලෙස හානිකර තත්ත්වයක් ඇති කළ හැකි බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

No comments: