සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ ඇරඹි 85 වන ජාතික බොක්සිං තරගාවලියේ දී
ප්‍රථම දිනයේ පෙරළිකාර ජයග්‍රහණයට හිමිකම් කිමට සමත් වුයේ පානදුර යුනිචෙලා බොක්සිං
ක්‍රීඩා සමාජයේ ගයාන් ජයවීරයි.හොරණ විද්‍යාරතනය හරහා බොක්සිං පිටියට පිවිසි ගයාන්
එම බර පංතියේ සූරයෙකු ලෙස ප්‍රකට පන්නල ස්ලිම්ලයින් බොක්සිං සමාජයේ දමිත් විජේරත්න
පරාජය කිරීමට සමත් වුණා.
පළමු දිනයේ පැවති ප්‍රථම වටයේ සහ අර්ධ අවසන් පූර්ව තරග වලදී කැපී පෙණුන
දස්කම් දැක්වීමට නාවික හමුදාව,යුධ හමුදාව සහ පන්නල ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය
සමත් වුණා.පකිස්ථානයේ පැවති බෙනාසීර් භූතෝ තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභියා වූ අමිල නුවන්
ඊයේ මූලික වටයේ තරගයකට සහභාගි වූ අතර එහිදී සිය ජයග්‍රහණයේ අභිමානය සරැක ගනිමින්
තරගය ජය ගත්තේ විනිසුරු විසින් තරගය නවතා අමිලට ජයග්‍රහණය පිරිනැමීමෙන් අනතුරුවයි.
තරගය සදහා ඉදිරිපත් වී සිටි බොහෝ ක්‍රීඩකයන් ඒ සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින්
නොවන බව පැහැදිළි වූ අතර විශේෂයෙන් ඉහළ බර පංති වලදි තරග වැදි ක්‍රීඩකයන් ගේ තරග
රටාව බොක්සිං තාක්ෂණයට බොහෝ දුරින් තිබෙන බවක් දකින්නට ලැබුණා.සමස්ථයක් වශයෙන් ගත්
කළ බොක්සිං ක්‍රීඩාව භෞතික වශයෙන් යම් ඉහළ තත්ත්වයකට පත්ව තිබෙන බව දකින්නට
තිබුණත් ක්‍රීඩාවේ නියැලෙන්නන් ඒ පිළිබදව දක්වන කැපවීම ප්‍රමාණාත්මක දැයි සැකයක්
උපදින තරමට ක්‍රීඩක තරග රටාවන් හී පසුගාමී තත්ත්වයන් දකින්නට ලැබුණා.ඒ නිසාම බොහෝ
ක්‍රීඩකයන් බොක්සිං නීතීන්ට සහ තාක්ෂනයට අනුචිත ක්‍රීඩා රටාවන් ප්‍රදර්ශනය කරනු
දක්නට ලැබුණා.
No comments:
Post a Comment