ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප්‍රිකාවේදී මුහුණ දී සිටින ඉරණමටත් වඩා අසරණ
තත්ත්වයකට ඕස්ට්‍රේලියාවේ දී පත්ව සිටින ඉන්දියාව ටෙස්ට් තරග හතරකින් යුත් ඕස්ට්‍රේලියාව
සමග වන ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය නිමාවන විටම තරග 3- 0 ක පරාජයක් අත් කර
ගෙන සිටියි.පර්ත් හී පැවති තෙවන ටෙස්ට් තරගයේ දී ඉණිමක හා ලකුණ 37 ක පරාජයක් අත්
කර ගත් ඉන්දියාව සතු ප්‍රබල පිතිකරු නාමාවලියට ඉණිම දෙකේ දී කිසි විටකත් ලකුණු 200
සීමාවට පැමිණීමට නොහැකිවීම කණගාටුදායක තත්ත්වයක් විය.
පසුගිය කාලයේ යම් පසුබැස්මක් පෙන්වමින් සිටි ඕස්ට්‍රේලියාව සිය ප්‍රවින ක්‍රීඩකයන්
කිහිප දෙනෙකු එකවර සමුගැනීමෙන් ඇති වූ හිස් බව මේ වන විට සැහෙන දුරට පියවා ගෙන ඇති
අතර අත්දැකීම් හරහා එම හිස්තැන් පිරවීමට කැද වූ ක්‍රීඩකයෝ මේ වන විට නිවැරදි
ස්ථාවරයකට පැමිණ සිටින බවක් දැකිය හැකිය.තෙවන ටෙස්ට් තරගයේ දී වාර්තා වූ සමස්ත
ලකුණු ප්‍රමාණය 701 වූ අතර ඉණිම දෙකටම ඉන්දියාව ලබා ගත් ලකුණු ප්‍රමාණය 332 ක් (161
සහ 171) පමණක් වූ අතර එය ඉන්දිය පිතිකරුවන්ගේ දුර්වල කමක් තරමටම පන්දු යවන්නන්ට හිතකර වූ පර්ත් තණතිල්ලේ ඕස්ට්‍රේලියාවේ බෙන් හිල්ෆෙන්හෝස්
සහ පීටර් සීඩ්ල් ගේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය විසින් ඉන්දිය පිතිකරුවන යටත් කර
ගැනිමක් ලෙස ද දැක්විය හැකිය.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකිය. http://www.espncricinfo.com/australia-v-india-2011/engine/match/518952.html
No comments:
Post a Comment