ජනවාරි 6 දා සිට අත්හැර
දමන ලද ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර විකිණීම මෙම සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිතය.ඇති වූ තාක්ෂණීක
ගැටළුකාරි තත්ත්වයන් නිරාකරණය කර ගනිමින්,ප්‍රවේශපත්‍ර අලෙවි ඒජන්තවරයා සහ
සංවිධායක කමිටුව විසින් ඇති කරගත් එකගතා ගිවිසුම් මත මෙම ප්‍රවේශපත්‍ර අලෙවිය යළි
ආරම්භ කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩල ප්‍රකාශකයා සදහන් කර ඇත.
වෙනත් ව්‍යාජ ප්‍රවේශපත්‍ර
අලෙවිකරුවන්ට හසු නොවී,අන්තර්ජාලය හරහා නිවැරදි සේවයක් ලබා දීමේ අරමුණ ඇතිව සහ
වැඩි පිරිසකට කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි පරිදි ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමේ
අන්තර්ජාල මාර්ගය වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත කිරිමද නැවත ප්‍රවේශපත්‍ර
අලෙවිය ආරම්භයත් සමග ඇති වනු ඇත.
No comments:
Post a Comment